බංග්ලාදේශයේ චිතගොං වරායේ, මිතුරන් සමඟ හැංගිමුත්තන් සෙල්ලම් කරමින් සිටිද්දී අතුරුදන් වුණු ගැටවරයෙකු දින 6 කට පසු මැලේසියාවෙන් හමුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය ජනවාරි 11 වැනිදා, හැංගිමුත්තන් සෙල්ලම් කරද්දී මෙම ගැටවරයා සැඟවී ඇත්තේ වරායේ කන්ටේනරයක් තුළය. වරායේ සේවකයන් දරුවා ඇතුළේ සිටින බව නොදැන කන්ටේනරය අගුලු දමා නැව් මගින් මැලේසියාවට යවා ඇතැයි පැවසෙයි.
පසුගිය ජනවාරි 17 වැනිදා මැලේසියාවේ බටහිර වරායේ දී කන්ටේනරය පරීක්ෂාව ලක් කළ අවස්ථාවේදී ගැටවරයා එහි සිටිද්දී බලධාරීන්ට හමුවී ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌ තමයි හැංගිමුත්තන් හොඳටම කරලා තියෙන්නේ. ගිනස් වාර්ථාවක් එහෙම තියාගන්න පුලුවන් ඒකට.