IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ස්වීඩන තානාපති කාර්යාලයට ප්‍රහාරයක්

ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ස්වීඩන තානාපති කාර්යාලයට කඩා වැදුණු ප්‍රචණ්ඩකාරීහු පිරිසක්, එම තානාපති කාර්යාලයට ගිනි තැබූහ. පිරිස තානාපති කාර්යාලයට කඩා වැදුණේ අලුයමය.

කලහකාරීව හැසිරුණු ප්‍රචණ්ඩකාරීන් තානාපති කාර්යාලයට පහර දෙන්නැයි ‘උසි ගන්නවා’ ඇත්තේ ඉරාකයේ ෂියා ආගමික නායක මුක්ටාඩා සදාර් යැයි සැක කෙරේ.

මීට සති කීපයකට පෙර, ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ශුද්ධ වූ කුරාණයේ පිටපත් ගිනි තැබීමක් සිදුවිය.

කුරාණයේ පිටපත් ගිනි තැබීම කළේ ස්වීඩන ජාතිකයන් පිරිසකි. ඒ සඳහා ඔවුන් අධිකරණයෙන් ද අවසර ගෙන තිබුණි.

අධිරකරණය ඊට අවසර දී තිබුණේ ඕනෑම අයකුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇතැයි පෙන්වා දෙමිනි.

බැග්ඩෑඩයේ ස්වීඩන තානාපති කාර්යාලයට කඩා වැදී පහර දී ඊට ගිනි තැබුවේ එම සිද්ධියට විරෝධය පළ කරමින් යැයි ද පැවැසෙයි.



අදහස් (0)

ස්වීඩන තානාපති කාර්යාලයට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 404 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 117 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 798 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site