IMG-LOGO

සෙලෙන්ස්කිගෙන් යෝජනාවක්

රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමට තමන් ද කැමැත්තෙන් පසුවන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 

යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවේවි යැයි සහතිකයක් ලැබෙන්නේ නම්, රුසියාව පහර දී අල්ලා ගත් යුක්රේනයේ පළාත්, රුසියන් පාලන ප්‍රදේශ ලෙස සලකන බව සෙලෙස්කී පැහැදිලි කර තිබේ. 

සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවදියේ යුක්රේනය රුසියාවට අයත් කොටසක් විය. 2014 වසරේ සිට රුසියාවත් යුක්රේනයත් අතර පවතින දේශසීමා ගැටුම්වලින් පසු අද 2024 වසර වෙද්දී, යුක්රේනයට අයත් භූමියෙන් සියයට 20 ක් පමණ ඇත්තේ රුසියන් හමුදා පාලනය යටතේය. ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවන්නේ නම්, රුසියාවට ‘පරිත්‍යාග’ කිරීමට යුක්රේන ජනාධිපති සූදානම් වන්නේ එම භූමි ප්‍රදේශ යැයි ද පැවැසෙයි.

‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු, ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා බටහිර රටවල් එක් වී, රුසියාවේ තර්ජන පිටුදැකීමට පිහිටුවාගත් යුද සන්ධානයයි. යුක්රේන ජනාධිපති සෙලේන්ස්කීගේ රජය උත්සාහ ගන්නේ යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමටය. 

එය අසල්වැසි රුසියාවට විශාල තර්ජනයකි. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ඇත්තේ ද මේ නිසාය.

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් ඇමෙරිකන් ජනාධිපති ලෙස දිවුරුම් දුන් සැණින්, පැය 24 ක් ඇතුළත යුද්ධය නිමා කරන බවය. මේ වනවිට ට්‍රම්ප් සහ සෙලෙන්ස්කී අතරේ ද යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.

ට්‍රම්ප් විශේෂ නියෝජිතයකු ද යුක්රේන රුසියන් යුද්ධය සම්බන්ධයෙන් පත් කර ඇත. ට්‍රම්ප් ගැන පැහැදීමකින් කතා කරන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද පවසා ඇත්තේ ට්‍රම්ප්ට කන් දීමට රුසියාව සූදානමින් බවය.



අදහස් (0)

සෙලෙන්ස්කිගෙන් යෝජනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 93 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 534 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 961 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site