IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිරියාවට එරෙහි යෝජනාවලියට චීනය - රුසියාව විරුද්ධ වෙයි

සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් බලයෙන් ඉවත් කිරීමට ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය ප‍්‍රමුඛ බටහිර රටවල් සහ අරාබි ලීගය එක්වී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා ඉදිරිපත් කළ යෝජනාවලියට චීනයත් සහ රුසියාවත් විරුද්ධ විය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනකු සිටින අතර සාමාජික රටවල් 13 ක් එම යෝජනාවලියට කැමැත්ත පළ කළේය. එහෙත් චීනය සහ රුසියාව ඊට විරෝධය පළ කළේ ඔවුන් සතුව ඇති නිෂේධ බලය පාවිච්චි කරමින්ය. යෝජනාවලිය සකස් කරනු ලැබුවේ අරාබි ලීගයයි. සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් සිය බලතල උප ජනපතිට පවරාදී ඉල්ලා අස්වීමෙන් පසු සිරියා අර්බුදයට විසඳුමක් ලැබෙනු ඇති බවත් එම යෝජනාවලියේ සඳහන් වේ. ඊට අමතරව සිරියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ දේශපාලන සැලැස්මක් ද එම යෝජනාවලියට අන්තර්ගතය. සිරියා අර්බුදයට මාස 11 ක් ගතවී ඇත. එය ආරම්භ වූයේ ටියුනීසියාවෙන්, ඊජිප්තුවෙන් සහ ලිබියාවෙන් ඇරැඹි රාජ්‍ය විරෝධී ජනතා නැගී සිටීම් ඔස්සේය. සිරියා ජනාධිපති අසාද්ට වහා බලයෙන් ඉවත් වන්නැයි බලකරමින් දහස් ගණනින් සිරියා වැසියන් රට පුරා විරෝධතා පවත්වන අතර එම විරෝධතා මර්දනය කිරීමට ජනපති අසාද් හමුදාව සහ පොලිසිය යොදවයි. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් සිවිල් වැසියන් 5,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. බලය අත්හැරීම ප‍්‍රතික්ෂේප කරන ජනාධිපති අසාද් පවසන්නේ තම හමුදා සටන් වදින්නේ රජය පෙරළීමට උත්සාහ ගන්නා සන්නද්ධ කල්ලි සමඟ බවය. එම සන්නද්ධ කල්ලිවලට ආයුධ ලබා දෙන්නේ ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය ප‍්‍රංශය යැයිද ජනාධිපති අසාද් චෝදනා කරයි. ලිබියාවේ මේ අයුරින් ජනතා නැගී සිටීම් ආරම්භ වූ අවස්ථාවේදී විරෝධතාකරුවන් මර්දනයට ලිබියා නායක මුවම්මාර් ගඩාෆි හමුදාව යෙදූ අවස්ථාවේදී ලිබියා සිවිල් වැසියන් ආරක්ෂා කළයුතු යැයි පවසමින් ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය ප‍්‍රංශය එක් වී ලිබියාවට එරෙහිව ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා යෝජනාවලියක් ගෙනාවේය. නේටෝ හමුදා ගඩාෆි හමුදා ඉලක්ක කරගනිමින් ගුවනින් පහර දී අවසානයේදී ගඩාෆි අමු අමුවේ ඝාතනය කිරීමට ලිබියා කැරැලි කරුවන්ට සහාය දුන්නේ ද එම යෝජනාවලිය අනුවය. එම යෝජනා වලිය සම්මත කර ගන්නා අවස්ථාවේදී චීනයත් රුසියාවත් ඊට කැමැත්ත පළ කරමින් ඡන්දය ප‍්‍රකාශ නොකළේය. නමුත් ඔවුන් ඊට විරුද්ධ වූයේ ද නැත. සිරියා අර්බුදය සම්බන්ධයෙන් චීනයත් රුසියාවත් ඊට එරෙහිව නිෂේධ බලය භාවිතා කරමින් විරුද්ධ වූයේ, බටහිර රටවල් ඒක පාර්ශිකව කටයුතු කරන නිසා යැයි ප‍්‍රකාශ කර තිබේ.



අදහස් (0)

සිරියාවට එරෙහි යෝජනාවලියට චීනය - රුසියාව විරුද්ධ වෙයි

මංගල සෙණෙවිරත්න Tuesday, 07 February 2012 12:08 AM

සීතල යුද්ධය අවසන් වෙන්නෙ නැත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 151 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site