IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සිරියානු ජනපති බිරිඳ අස්මා දික්කසාදය ඉල්ලයි

බලයෙන් නෙරපා දැමුණු සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ බිරිඳ අස්මා, දික්කසාද වීමට කැමැත්ත පළ කර ඇති බවත්, බ්‍රිතාන්‍යය බලා යෑමට කැමැත්ත පළ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අස්මා උපන්නේ 1975 වසරේදීය. ඇයගේ මාපියන් සිරියානු ජාතිකයන් වන අතර, අස්මාට සිරියානු පමණක් නොව, බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ද හිමිවී ඇත.

සිරියානු කැරැල්ල ඔඩුදුවමින්, සිරියානු විපක්ෂයට සහ ඔවුන්ට සහාය දක්වන සටන්කාමීන් එරට බලය අල්ලා ගනිද්දී, අසාද් බිරිඳ අස්මා සහ දරුවන් ආරක්ෂිතව රුසියාවට ගෙන්වා ගෙන ඔවුන්ට රැකවරණ දීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය. මේ වනවිට අසාද්, බිරිඳ සහ දරුවන් සිටින්නේ රුසියාවේ මොස්කව් අගනුවරය.

තමන්ට තව දුරටත් රුසියාවේ සිටින නොහැකි බවත්, රුසියාවෙන් පිටවීමට අවශ්‍ය බවත් අස්මා පවසා ඇති අතර, ඇය වැඩි දුරටත් පැහැදිලි කර ඇත්තේ තමන් දික්කසාද වීමට කැමැති බවය. ඊට අදාල නීතිමය ලියවිලි අස්මා රුසියන් නීතීඥවරුන්ට බාර දුන් බව ද පැවැසෙයි. 

මේ සම්බන්ධයෙන් රුසියන් බලධාරීන් පවසා ඇත්තේ අස්මා, අසාද්ගෙන් දික්කසාද වීමක් ගැන කිසිදු තොරතුරක් තමන් නොදන්නා බවත්, එය සාවද්‍ය පුවතක් බවත්ය.

අස්මා, පරිගණක විද්‍යාව සහ ප්‍රංශ සාහාති්‍යය සම්බන්ධයෙන් උපාධිධාරිනියකි බව පැවැසෙයි. බෂාර් අල් අසාද් සමඟ 2000 වසරේ දී විවාහ වීමට පෙර ඇය ආයෝජන බැංකුකාරියක ලෙස කටයුතු කරමින් සිටියාය. අසාද් සහ අස්මා යුවලට දරුවෝ තිදෙනෙක් වෙති.



අදහස් (0)

සිරියානු ජනපති බිරිඳ අස්මා දික්කසාදය ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site