
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොමු වී තිබේ.
ඇමෙරිකාව රුසියාවට සම්බාධක පැනැවීමක් කර ඇත්තේ, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙනි.
ඇමෙරිකන් සම්බාධක හේතුවෙන්, රුසියාවට ඔවුන්ගේ මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. ඒ අනුව, ඉන්දියාවෙන් හෝ ඉන්දියාව හරහා හෝ අමතර කොටස් ලබා ගැනීමට සිදුවී තිබේ.
රුසියන් යුක්රේන අර්බුදයේ දී ඉන්දියාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. රුසියාව, ඉන්දියාවට තෙල් විකිණීම ද සිදුවෙයි. ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගන්නේ විශේෂ අඩු මිලකටය.
රුසියන් යුක්රේන අර්බුදයට පැහැදිලි විසඳුමක් සෙවීමට මැදහත්කරුවකු වීමට සුදුසුම තැනැත්තා ඉන්දියාව යැයි ඇමෙරිකාව අවස්ථා ගණනාවකදී පවසා තිබේ.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි