IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සඳේ රහස් සොයන්න ජපානයත් යානයක් යවයි

ජපාන අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන් ද සඳේ රහස් සෙවීමේ අරමුණින් සඳට යානයක් පිටත් කර හැරියේය. සඳට ගොඩබෑමට සැලැසුම් කර ඇති මෙම රොබෝ යානය, ‘මූන් ස්නයිපර් ස්මාට් ලෑන්ඩර්’ යනුවෙන් හැඳින්වෙයි. ජපානය සඳට ගොඩබෑමට රොබෝ යානයක් යවන පළමු අවස්ථාව මෙයයි.

චන්ද්‍ර යානය අභ්‍යවකාශයට යැවීම සිදුවූයේ ‘එච්-2ඒ’ රොකට්ටුවේ ආධාරයෙනි. අයහපත් කාලගුණය නිසා දින ගණනක ප්‍රමාදයකින් පසු රොකට්ටුව උඩුගුවන බලා ගියේ ඊයේ (6) දිනයේය. රොකට්ටුවෙන්  මුදා හැරෙන චන්ද්‍ර යානය සඳුගේ කක්ෂයට ළං වීමට දින කීපයක් ගතවනු ඇත.

‘මූන් ස්නයිපර් ස්මාට් ලෑන්ඩර්’ සුවිශේෂී එකකි. යානය ගොඩබෑම සිදු කරනු ඇත්තේ නව ක්‍රමවේදයකටය. මෙය සඳුගේ කක්ෂයට ඇතුළුවීමෙන් වී පහළට යද්දී, මීටර් සියයක ඇතුළත එක් නිශ්චිත ස්ථානයකට (ඉලක්කයකට) ගොඩබෑම සිදු කරයි. යානය ‘මූන් ස්නයිපර්’ යනුවෙන් නම් කර ඇත්තේ ද එබැවිනි.

‘මූන් ස්නයිපර් ස්මාට් ලෑන්ඩර්’ චන්ද්‍ර යානයට අමතරව, අභ්‍යවකාශ චන්ද්‍රිකාවක් ද ‘එච්-2ඒ’ රොකට්ටුව උඩු ගුවනට රැගෙන ගියේය. මෙම චන්ද්‍රිකාව, එක්තරා ආකාරයක අභ්‍යවකාශ දුරේක්ෂයකි. මෙය අති නවීන තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද්දකි.

‘නව ඇසකින්’ විශ්වයේ රහස් සෙවීම මෙහි අරමුණ බව ජපන් අභ්‍යවකාශ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
 ජපාන අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘ජැක්සා’ මෙම දුරේක්ෂය නිපදවා ඇත්තේ, ඇමෙරිකාවේ ‘නාසා’ ආයතනයේ ද එකමුතුවෙනි. ඊට අමතරව, යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ සහ කැනඩා අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන්ගේ සහාය ද මෙම දුරේක්ෂ චන්ද්‍රිකාව නිපදවීමට ලැබී ඇත.



අදහස් (0)

සඳේ රහස් සොයන්න ජපානයත් යානයක් යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site