
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැදුරේ පැවැති කාදිනල්වරුන්ගේ රහස් ඡන්දයෙනි.
කොන්ක්ලේව් නමින් හැඳින්වෙන මෙම රහස් ඡන්ද විමසුමට කාදිනල්වරුන් 133 දෙනකු එක්වුණු අතර, ඔවුන් ඡන්ද විමසුම් කීපයක් පවත්වමින් නව පාප්වරයකු තෝරා ගැනීම ආරම්භ කළේ ඊයේ (7) දිනයේ සිටය.
මුල් ඡන්ද විමසුම්වලදී පාප් ධුරයට සුදුස්සකු තෝරා ගැනීමට නොහැකි වුණු අතර, එය සනිටුහන් වූයේ සිස්ටයින් දෙව් මැදුරේ චිමිනියෙන් කළු දුමක් පිට කිරීමට සලස්වමිනි. පාප් ධුරයට පත්වීමට තුනෙන් දෙකක බහුතරය අවශ්‍ය වෙයි.
අද (8) මීට මිනිත්තු කීපයකට පෙර පැවැති ඡන්ද විමසුමේ දී පාප් ධුරයට සුදුස්සකු තෝරා ගත් බව, කාදිනල්වරුන් දැනුම් දුන්නේ සිස්ටයින් දෙව් මැදුරේ චිමිනියෙන් සුදු දුමක් පිට කිරීමට සලස්වමිනි.
ඒ අනුව ශාන්ත පීතර චතුරස්‍රයට රැස්ව සිටි පිරිස් ප්‍රීති ඝෝෂා පවත්වන්න වූ අතර, සිස්ටයින් සීනු නාද කරමින් නව පාප්වරයකු තෝරා ගැනීම පිළිබඳ සුබ පණිවුඩය නිවේදනය කෙරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
69 වියැති ඇමෙරිකානු ජාතික, රොබට් ෆ්‍රැන්සිස් ප්‍රිවොස්ට් කාදිනල්තුමා නව පෝප් ධුරයට තෝරාපත්කරගෙන ඇත.