
ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය මැදිහත් වී, හමාස් සංවිධානය ද හවුල් කර ගනිමින් සකස් කළ සටන් විරාම යෝජනාවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු විරෝධය පළ කර ඇත.
ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය සකස් කළ එම සටන් විරාමයට හමාස් සංවිධානය කැමැත්ත පළ කර ඇති නමුත්, ඊශ්‍රායල ඊට විරෝධය දැක්වීම නිසා එය ක්‍රියාත්මක නොවනු ඇතැයි ඊජිප්තුව සහ කටාර් රාජ්‍යය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු සටන් විරාම යෝජනාවට විරෝධය පළ කර ඇත්තේ, හමාස් සංවිධානය ඉදිරිපත් කළ කොන්දේසි පිළිගත නොහැකි බව පෙන්වා දෙමිනි. මීට ප්‍රතිචාර දක්වමින්, හමාස් නායක ඉස්මායිල් හානියේ පවසා ඇත්තේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හිතාමතා සටන් විරාම යෝජනාව කඩාකප්පල් කළ බවත්, ඔහුට සටන් විරාමයක් අවශ්‍ය නැති බවත්ය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු සටන් විරාම යෝජනාවට විරෝධය දැක්වීම සම්බන්ධයෙන් ඇමෙරිකා රජය ද කනස්සල්ල පළ කර ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd