
පාකිස්තානයේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක, දේශපාලන සංවාදාත්මක වැඩසටහනක් අතරතුරේ, සජීවී ගුටි කෙළියක් දැකගැනීමට නරඹන්නන්ට අවස්ථාව උදා විය.
වැඩසටහනට සහඟාවී වූයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂයේ අපේක්ෂක නීතීඥ ෂාර් අෆ්රාල් මර්වාත් සහ 'පාකිස්තාන මුස්ලිම් ලීගය' පක්ෂයේ අපේක්ෂක සෙනෙට් සභික අෆ්නරුල්ලා ඛාන් යන දෙදෙනාය.
දේශපාලන මතවාද සම්බන්ධයෙන් පළමුවෙන් එකිනෙකාට වාග් ප්‍රහාර එල්ල කරගත් දේශපාලනඥයන් දෙදෙනා, ඉන්පසු අසුන්වලින් නැගිට ගුටි හුවමාරු කර ගැනීමට පටන් ගත් බව පැවැසෙයි.
ගුටි කෙළිය සජීවීව නාළිකාව ඔස්සේ විකාශය විය. ගුටි කෙළිය නැවැත්වීමට වැඩසටහන මෙහෙයවූ නිවේදකයාටත්, නිෂ්පාදන කණ්ඩායමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද දැනගන්න ලැබේ.
(පාකිස්තාන මාධ්‍ය ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චෝර්, චෝර්... මෙහෙ වාගේමයි.
ලංකාවට වඩා කොයි රටත් හොඳයි කියන නෙගටිව්වාදීන් විසින් කියැවිය යුතුම පුවතක්...!
අපෙත් මෙහෙම වෙන්නේ නැහැනේ...!
ඕවා අමුතු දේවල් නෙවෙයිනේ... ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ හැසීරීම් ලෝකෙම දන්නවා...
ඕවා මොනවද? හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ දියවන්නාවේ? එකාට එකා කුණුහරුප කියාගන්නවා. බැන ගන්නවා, ගුටිකෙළ ගන්නවා, සෙන්කෝළය අරන් දුවනවා. සමහරවිට මිරිස් කුඩුත් ගහනවා ඇති...!