
කැනඩාවේ සීක් බෙදුම්වාදී නායක 45 හැවිරිදි හර්ඩීප් සිං නිජ්ජාර් ඝාතන සිද්ධියට අදාලව ඉන්දීය ජාතිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කැනඩාව පවසයි.
කැනඩාව සහ ඉන්දියාව අතරේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අර්බුදයක් පවතින්නේ, හර්ඩීප් සිං නිජ්ජාර් ගාතනය කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ චෝදනා කර ඇති බැවිනි.
අත්අඩංගුවට ඇත්තේ 22 හැවිරිදි කරන් බ්‍රාර් සහ 22 හැවිරිදි කමල් ප්‍රීත් සිං සහ 28 හැවිරිදි කරන් ප්‍රීත් සිං නැමති ඉන්දියානුවන් තිදෙනාය. මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා මොවුන්ට එල්ල වි ඇත.
හර්ඩීප් සිං නිජ්ජාර් පසුගිය වසරේ ජුනි මාසයේදී නාඳුනන තුවක්කුකරුවන් විසින් කැනඩාවේදී වෙඩි තබා ඝාතනය කෙරුණි. ඉන්දීය රජයට අනුව, හර්ඩීප් සිං නිජ්ජාර් කලිස්තාන් නමැති සීක් බෙදුම්වාදී ත්‍රස්ත කණ්ඩායමේ නායකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd