
විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්, එය ණුවනට හුරු බව එම අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යූනුස් පවසයි.
දේශපාලන රැකවරණ මත එංගලන්තයට යෑමේ අරමුණින්, ෂෙයික් හසීනා තවමත් ඉන්දියාවේ රැඳී සිටී. ඒ විශේෂ ආරක්ෂාවක් යටතේය. ඇය සිටින ස්ථාන ද රහසකි. ශිෂ්‍ය විරෝධතා උත්සන්න වී, ෂෙයික් හසීනා ධුරයෙන් නෙරපා දමද්දී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය ඇයට පිහිට විය. ඒ, මෝදි රජය සහ ෂෙයික් හසීනා අතරේ සමීප මිතුදම් පවතින බැවිනි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd