27වැනි ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදය (SPIEF) ජුනි 5 සිට 8 දක්වා ශාන්ත පීටර්ස්බර්ග් හිදී පැවැත්වේ. මෙවර සංසදයේ ප්‍රධාන තේමාව වන්නේ "බහු ධ්‍රැවීය ලෝකයක මුල් ගල ලෙස නව වර්ධන මධ්‍යස්ථාන පිහිටුවීම" යන්නයි. මේ වන විට රුසියාව ඇතුළු රටවල් සහ ප්‍රදේශ 139 කින් සහභාගී වූවන් 18,600 කට අධික සංඛ්‍යාවක් මේ සඳහා පැමිණීම තහවුරු කර ඇත. SPIEF හි නිල වෙබ් අඩවියට අනුව Oman සුල්තාන් රාජ්‍යය SPIEF 2024 සඳහා ප්‍රථම වරට සහභාගී වේ. 2023 වසරේ ජුනි 14 සිට 17 දක්වා පැවති සංසදයට රටවල් 75ක, ප්‍රදේශ වල පිහිටි සමාගම් 3000කට අධික සංඛ්‍යාවක රුසියානු සහ විදේශීය ව්‍යාපාර නියෝජිතයින් 6,000කට වැඩි පිරිසක් සහභාගී වූහ. එම කාලය තුළ රූබල් බිලියන 3,860ක් වටිනා ගිවිසුම් 900කට වඩා වැඩි ප්‍රමාණයක් ( ඩොලර් බිලියන 43.2 ක් පමණ) අත්සන් කරන ලදී. "විදේශීය හවුල්කරුවන්ගේ සහ මාධ්‍යවල පෙර නොවූ විරූ උනන්දුව පෙන්නුම් කරන්නේ රුසියානු වෙළඳපල සහ පොදුවේ ගත් කල, සාමූහික බටහිර රටවල බරපතල සීමා කිරීම් සහ පීඩනයන්ගේ පසුබිමට එරෙහිව රුසියාවේ සංවර්ධන හා ඒකාබද්ධ කිරීමේ ආර්ථික ආකෘතිය එහි තරඟකාරිත්වය පෙන්නුම් කර ඇති බවයි. බහුජාතික සහ බහු සංස්කෘතික, වටිනාකම මත පදනම් වූ රුසියාව නැගී එන බහු ධ්‍රැවීය ලෝකයේ වර්ධන මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබේ, ”රුසියානු සමූහාණ්ඩුවේ සභාපති උපදේශක සහ SPIEF සංවිධායක කමිටුවේ විධායක ලේකම් ඇන්ටන් කොබියාකොව් පැවසීය.
- නවෝද්‍යා පවනි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදය ඇරඹෙයි