
ඉරාන ඉස්ලාමීය රජයේ දැඩි මර්දනකාරී ක්‍රියාපිළිවෙතට එරෙහිව, විරෝධතා පැවැත්වෙද්දී, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී සහ ඉරාන මධ්‍යස්ථමතධාරී ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන්ගේ රජයට සහාය දක්වමින් ජනරැලි පැවැත්වෙයි.
ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩුවට සහය පළ කරමින් ඇමෙරිකාවේත් ඊශ්‍රායලයේත් උසි ගැන්වීමෙන් පැවැත්වෙන විරෝධතාවලට විරෝධය දක්වන මෙම ජනරැලිවලට දහස් ගණනක් ඉරාන සහභාගී වන බව ද වාර්තා වේ.
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී තමන්ට සහ ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩුවට සහාය ජනරැලිවලට එක්වූවන්ට ස්තුති කර ඇත්තේ, ඉරාන ජනතාව අලුත් ඉතිහාසයක් ලියා ඇති බවත්, රට අස්ථාවර කිරීමට විදේශීය සතුරන් දැරූ උත්සාහයන් එමගින් පරාජය කිරීමට ඉදිරියට පැමිණ ඇති බවත් පෙන්වා දෙමිණි. උත්තරීතර නායක අයතුල්ලා සෙයියද් අලි කිමේනි ජාතිය ඇමතීමක් කරමින් මේ බව පවසා ඇත.
ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩුවට සහාය දක්වන මෙම ජන රැලි මගින් ඉරාන ජාතියේ අනන්‍යතාවය සහ අධිෂ්ඨානය ලොවටම ප්‍රදර්ශනය වූ බවත්, සිය වංචනික ක්‍රියා නවතා දේශද්‍රෝහීන් මත යැපීම නතර කරන ලෙස ඇමරිකානු බලධාරීන්ට අනතුරු අඟවන බවත් කමේනී ජාතිය අමතමින් පැහැදිලි කළේය.
ඊට අමතරව, ඉරාන ජනතාව ශක්තිමත් මෙන්ම බුද්ධිමත් පිරිසක් බවත්, ඕනෑම අර්බුදකාරී අවස්ථාවක ඔවුන් අවදිව සිටින බවත් අවධාරණය කළේය. විවිධ තරාතිරම්වල ඉරාන වැසියන් සහභාගී වන දීපව්‍යාප්ත ජන රැලි හරහා, බාහිර බලපෑම් මත සිදුවන කැරලිවලට තමන් විරුද්ධ බවත් ඉස්ලාමීය සමූහාණ්ඩුව සමඟ තමන් සැමවිටම සිටින බවත් ඉරාන ජනතාව යළිත් තහවුරු කර ඇතැයි උත්තරීතර නායක අල් කමේනී පෙන්වා දුන්නේය.
ඉරාන විරෝධතාකරුවන් උසි ගන්වමින්, ඔවුන්ට සහාය දක්වන බවටත්, ඉරාන රජයට පහර දෙන බවටත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම අනතුරු ඇඟවීම් කර තිබේ.
ඇමෙරිකාව, එසේ ප්‍රහාරයක් එල්ල කළහොත් ඉරානය පෙරළා ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක අමාත්‍ය අසීස් නසීර්සාදේ පවසා ඇත.
‘එල්ල වන ඕනෑම ආකාරයක ප්‍රහාරයකට අප ප්‍රබල ලෙස ප්‍රතිචාර දක්වන්න සූදානමින් ඉන්නවා. අප තර්ජනවලට බය නැහැ. කලාපයේ ඇමෙරිකන් කඳවුරු සහ වොෂින්ටනයේ ක්‍රියාවන්ට අනුබල දෙන රටවල් (විශේෂයෙන් ඊශ්‍රායලය) අපගේ ඉලක්ක වේවි. ඇමෙරිකාව එක්ක යුද්ධයක පැටලෙන්න අපට අවශ්‍යතාවක් නැහැ. ඒත් අවශ්‍ය වුණොත් අප යුද්ධයකට පැටලෙන්න සූදානම්’ යැයි ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමද් බකීර් කලීබාෆ් ද ඇමෙරිකාවට අනතුරු අඟවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd