ඊශ්‍රායලය සමඟ සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායම් කිහිපයක් ඉරානයේ සහේදන් ප්‍රදේශයේදී ඉරාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පැවැසෙයි.

මෙම කණ්ඩායම් සන්තකයේ තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය තිබී ඇති අතර, ඒවා පුද්ගල ඝාතන සහ කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබූ බව අනාවරණය වී ඇත.

ඉරාන හමුදාවේ ඉහළම අණදෙන නිලධාරියෙකු වන අබ්දොල් රහීම් මූසාවි චෝදනා කළේ, අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් අයි.එස්.අයි.එස් සබඳතා ඇති සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයන් ඉරානය තුළ ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදවා ඇති බවටය.