IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විශ්වාසය පළකිරීමේ ඡන්ද විමසුමෙන් අගමැතිට ජය

ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලූස්කෝනී එරට සන්ධාන රජයෙන් ඇමැතිවරුන් පස් දෙනකු ඉවත් කර ගැනීමත් සමඟ හටගත් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන්, අගමැති එන්රිකෝ ලෙටා කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය පළ කිරීම සඳහා පැවැති ඡුන්ද විමසුමෙන් අගමැති ලෙටා ජයග‍්‍රහණය කළේය.

අගමැති ලෙටාට විශ්වාසය පළ කරමින් ඡුන්ද 230 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණු ඡුන්ද සංඛ්‍යාව 70 ක් පමණි.
ඒ අනුව, ඉතාලියේ හටගත් දේශපාලනික අර්බුදය තාවකාලිකව සන්සුන් වූයේ යැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.
බදු වංචා චෝදනා එල්ල වී, සිටින හිටපු අගමැති බර්ලූස්කෝනිගේ ඉල්ලීම පරිදි, සන්ධාන රජයෙන් ඔහුගේ පක්ෂයේ ඇමැතිවරුන් ඉල්ලා අස්වූයේ ඉකුත් සති අන්තයේදීය.

එම අවස්ථාවේදී හටගත් අර්බුදය පාර්ලිමේන්තුව හමුවට ගෙන යමින් ඊට විසඳුමක් සෙවීමට අගමැති ලෙටා බලාපොරොත්තු වූ අතර විශ්වාසය පළ කිරීමේ ඡුන්ද විමසුම පැවැත්වුණේ ඒ අනුවය.

එම අවස්ථාවේදී හිටපු ජනපති බර්ලූස්කෝනීට ඔහුගේ ජනතා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් බලපෑම් එල්ල විය. ඔවුන් කියා සිටියේ ඔවුන් අගමැති ලෙටාට සහාය දක්වන බවය. අවසානයේ දී රජය බිඳ දැමීමට බර්ලූස්කෝනී ගත් උත්සාහය ව්‍යර්ථ විය.

ඉතාලියේ අවසන් වරට මැතිවරණයක් පැවැත්වුණේ රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවකදීය. එම මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවිණි. ඒ අනුව, අගමැති ලෙටා, බර්ලූස්කෝනීගේ පක්ෂය සමඟ එක් වී සන්ධානයක් පිහිටුවීය.
සන්ධාන රජය පිහිටුවා මාස දෙකක් ගතවෙද්දී, බර්ලූස්කෝනිගේ ජනතා නිදහස් පක්ෂ සාමාජිකයෝ අගමැති ලෙටාගේ මධ්‍ය වාමාංශික ඩිමොක‍්‍රටික් පක්ෂය සමඟ මතභේද ඇති කර ගත්හ. ඊට ප‍්‍රධානතම හේතුව වූයේ අගමැති ලෙටා වෙළඳ බදු වැඩි කිරීමට ගත් තීරණයයි.
මේ අතර, ඉතාලි ජනාධිපති ජෝර්ජියෝ නැපොලිටානෝ පවසා තිබුණේ තමා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කරන්නේ අවසන් විකල්පය ලෙස බවය.

කෙසේ නමුත් ඉතාලිය යළිත් වරක් මහ මැතිවරණයකට ගොස්, එයින් ද කිසිදු අපේක්ෂකයකුට හෝ පක්ෂයකට බහුතර බලයක් හිමි කර ගැනීමට නොහැකි වුවහොත් ඉතාලි අර්බුදය තව තවත් දිග්ගැස්සීමේ අවදානමක් ඇති බව ද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

 

ඉතාලියේ දේශපාලන අර්බුදයක් ඇති කිරීමට උත්සාහ කළ හිටපු අගමැති බර්ලූස්කෝනී

 



අදහස් (0)

විශ්වාසය පළකිරීමේ ඡන්ද විමසුමෙන් අගමැතිට ජය

සජිනි මදුෂානි Friday, 04 October 2013 02:32 PM

ඉතාලියත් ලංකාව වගේ ලෝකයේ තිබෙන ලොකුම අක්‍රමිතා තිබෙන රටවලින් එකක්. මොන අක්‍රමිතා කළත් මෙයාම තමා ඕනෑ කියන්නේ. (නි)

:       0       0

දසුනි Friday, 04 October 2013 11:30 PM

සාධාරණ ඡන්ද පැවැත්වීම,ජනතාව බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කරන විදිහ බලද්දී ලංකාවට වඩා හාත්පසින්ම වෙනස්. (නි)

:       0       0

පෙත්තා Friday, 04 October 2013 08:29 PM

ඔබ මට විස්වාසයි....ඉතාලි චිත්‍රපටයේ ජවනිකාවක්.....(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site