වඳුරු උණ හෙවත් ‘එම්පොක්ස්’ වයිරසයේ නව ප්‍රභේදය ඉන්දියාවට ව්‍යාප්ත වී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි.
මෙම නව ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන්නකි. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය, වඳුරු උණ හෙවත් ‘එම්පොක්ස්’ වයිරස අවදානම සැලකිල්ලට ගනිමින්, ගොලීය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ද නම් කර ඇත.
වඳුරු උණ හෙවත් ‘එම්පොක්ස්’ වයිරස සේම මෙම නව ප්‍රභේදය ද සොයා ගැණුනේ අප්‍රිකා කලාපයෙනි. මීට පෙර ‘එම්පොක්ස්’ ආසාදිතයන් ඉන්දියාවෙන් වාර්තා වුවත්, මෙම නව ‘එම්පොක්ස්’ වයිරස ප්‍රභේදය සහිත ආසාදිතයකු වාර්තා වූ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. මෙම ආසාදිතයා, ඩුබායි සිට පැමිණි දකුණු කේරළ ප්‍රාන්තයේ පදිංචි 38 හැවිරිදි අයකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
‘එම්පොක්ස්’ වයිරසය ආසාදනය වූ විට මූලික රෝග ලක්ෂණ ලෙස උණ ඇතිවීම වන අතර සමෙහි ඇතිවන ගැටිති වැනි තුවාල ඉතා වේදනාකාරී වේ. සෑම ආසාදිතයන් සියයකින් සිවු දෙනකු පමණ මරණයට පත්වීමට ඉඩ ඇති බව සඳහන් වේ. ‘එම්පොක්ස්’ වයිරසය සමලිංගිකයන් අතරේ බහුලව ව්‍යාප්ත වන බව ද අනාවරණය වී ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
181
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
157
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වඳුරු උණ නව ප්‍රභේදය ඉන්දියාවට ඇවිල්ලා