ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දුෂණයට ලක් කර මරා දැමූ චූදිතයන් සිව් දෙනාට මරණ දඬුවම දෙන්නැයි ඉල්ලමින් දහස් ගණනක් ඉන්දීය වැසියෝ ඊයේ (11) නවදිල්ලි නුවර දැවැන්ත උද්ඝෝෂණයක යෙදුණහ.
වෛද්‍ය ශිෂ්‍යාව කෙළෙසූ සිව් දෙනා පෙරේදා (10) නවදිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකරුවන් වූහ. ඔවුන්ට දඬුවම් නියම කිරීම ඊයේ යෙදී තිබුණ ද විනිසුරු යොගේෂ් ඛන්නා කියා සිටියේ එය ලබන සිකුරාදා තෙක් කල් දමන බවය.
චූදිතයන් සිව්දෙනාට ජීවිතාන්ත සිරදඬුවමක් නොව මරණ දඬුවම නියම කරන ලෙස උද්ඝෝෂණයට එක් වී සිටි පිරිස කෑ කෝ ගසන්න වූහ.
වෛද්‍ය සිසුවිය සමූහ දුෂණයටත් පහර කෑමටත් ලක් වූයේ ඉකුත් වසරේ දෙසැම්බර් 16 වැනිදා රාති‍්‍රයේ නවදිල්ලි නුවර බස් රියක් තුළදීය. එම අවස්ථාවේ ඇය සිටියේ ඇගේ පෙම්වතා ද සමඟය. ඇයට අතවර කළ බවට සැකපිට සය දෙනකු අත්අඩංගුවට ගැනුණි. ඔවුන්ගෙන් එක් අයකු බාලවයස්කාරයකු බැවින් ඔහුට එරෙහිව වෙනම විශේෂ නඩු විභාගයක් පැවැත්වෙයි.
තවත් සැකකරුවකු අත්අඩංගුවේ සිටිද්දී දිවි නසා ගත්තේය. පෙරේදා අධිකරණය හමුවේ වරදකරුවන් වූයේ සෙසු සිව් දෙනාය.
අතවරයට ලක් වීමත්, පහරකෑමට ලක්වීමත් හේතුවෙන් බරපතළ ලෙස තුවාල ලැබූ එම වෛද්‍ය සිසුවිය දෙසැම්බර් 29 වැනිදා සිංගප්පූරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගියාය.
ඉන්දියාවේ මරණ දඬුවම කි‍්‍රයාත්මක වෙයි. අවසන් වරට, එනම් මීට සති කිහිපයකට පෙර එල්ලා මරා දැමුණේ 2008 වසරේ දී මුම්බායි නුවරට පහර දුන් පාකිස්තාන ත‍්‍රස්තවාදීන්ගෙන් ජීවග‍්‍රහයෙන් අල්ලා ගත් කසාබ් නමැති තරුණයායි.
|
උද්ඝෝෂණයට එක් වූ පිරිස |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරුණ, ඔයගේ අදහස් මමත් අනුමත කරනවා. (ස)
අවාසනාවකට අපේ රටේ මෙහෙම කොන්ද පණ තියන ජනතාවක් හිටියත් වැරදි කරන්නේ බලවතුන් බැවින් උද්ඝෝෂණය කරන්න ඉඩක් නෑ. දඩුවම් දෙන්න අධිකරණයට ඉඩකුත් නෑ . (ස)
මේ මිනිස්සු බලසම්පන්නද,, අපේ රටේ පාලකයන්න මේ වගේ ජනතාවක් උන්නනම් අද රට යන්නන්වාලේ යන්නේ නැහැ, (දී)
ඉන්දියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ... ප්‍රාදේශීය සබාපතිකමක් ෂුවර්. (නි)
මහසෙන්, ලංකාවෙ එහෙම වුණොත් වැඩිහරියක් ප්‍රාදේශීය සභාපතිලා මරන්න වෙනවා (නි)
තංගල්ලේ ,අකුරැස්සේ ප්‍රාදේශීය සභා අයියලාත් ඉපදෙන්න තිබුනේ ඉන්දියාවේ.ලංකාවේ මිනිසුන්ගේ අවාසනාවට ඔවුන් ඉපදුනේ ලංකාවේ... (නි)