
දෙමළ සිනමාවේ ජනප්‍රිය නළු විජයි ඇන්තනිගේ 16 හැවිරිදි දියණිය මියගොස් ඇති බවත් ඇය දිවි නසා ගන්න ඇතැයි සැක කෙරෙන බවත් පොලිසිය පවසයි.
විජයි ඇන්තනි දක්ෂ නළුවකු පමණක් නොව, සංගීත අධ්‍යක්ෂවරයකු ද වෙයි. දියණිය මියගොස් ඇත්තේ චෙන්නායි නුවර ටයිනැම්බට් පළාතේ නිවසේ දී යැයි ද පැවැසෙයි.
ඇතැම් මාධ්‍ය වාර්තා කළේ ඇය මියගියේ රෝහල්ගත කිරීමෙන් පසුව බවය.විජයි ඇන්තනිගේ බිරිඳ ෆාතිමා ය. යුවළට දියණියන් දෙදෙනකු සිටින බව පැවැසෙයි.
දියණියගේ මරණය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd