ලිබියා අන්තර්වාර රජයේ අගමැති අලී සෙයිඩන් ඊයේ (10) අලූයම ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගිය අතර, පැය කිහිපයකට පසු ඔහුට නිදහස හිමිවිය.
|
අගමැති අලී සෙයිඩන් |
පැහැර ගැනීමට ලක් වෙද්දී, අගමැතිවරයා ටි‍්‍රපොලි අගනුවර හෝටලයක නවාතැන් ගෙන සිටියේය. සන්නද්ධ පිරිස, හෝටලය වටලා අගමැතිවරයාගේ ආරක්ෂාවට සිටි නිලධාරීන්ට පහර දී, අගමැතිවරයා පැහැර ගෙන ගිය බව ලිබියානු රජය වාර්තා කළේය.
62 හැවිරිදි අලී සෙයිඩන් පැහැර ගෙන ගියේ ලිබියාවේ ගඩාෆි පාලනය පෙරළා දැමීමට ආයුධ අතට ගෙන සටන් කළ කැරැුලිකරුවන්ගේ අපරාධ මර්දන ඒකකය යැයි පසුව අනාවරණය විය.
එම සන්නද්ධ පිරිස විශේෂ ප‍්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ, අගමැතිවරයාගේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් අගමැතිවරයා යහතින් ඔවුන්ගේ අත්අංඩගුවේ පසුවන බවත්ය.
අගමැති අලී සෙයිඩන් වහා නිදහස් කරන්නැයි ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව ලිබියානු කැරැලිකාර පාර්ශ්වයෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේය. ඒ අනුව ඊයේ සවස් වෙද්දී අගමැතිවරයාට නිදහස හිමිවිය.
අලී සෙයිඩන් උපන්නේ 1950 වසරේ දෙසැම්බර් 15 වැනිදාය. ඉකුත් වසරේ නොවැම්බර් 14 වැනිදා ඔහු ලිබියාවේ අගමැති ධුරයට පත්වූයේ එරට ජාතික මන්ත‍්‍රණ සභාවේ අනුමැතිය යටතේය.
2010 වසරේ ගඩාෆිට එරෙහිව හටගත් කැරැුල්ල සිවිල් යුද්ධයක් තෙක් දුරදිග ගියේය. ගඩාෆිගේ රජය පෙරළා දැමීමට ආයුධ අතට ගත් කැරැලිකරුවන්ට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල සහාය හිමි විය.
සිවිල් යුද්ධය උත්සන්න වෙද්දී කැරැලිකරුවන් විසින් ගඩාෆි මරා දැමුණි. ඒ, 2010 වසරේ ඔක්තෝබර් 20 වැනිදාය.
ගඩාෆි පාලනය අවසන් වීමෙන් පසුවත්, කැරැලිකාරුවන් විසුරුවා හැරීමෙන් පසුවත්, ලිබියාවේ අවි ගැටුම් අවසන් නොවිණි.
ගඩාෆි පාලනය නිමා කිරීමට අවි අතට ගත් ඇතැම් සන්නද්ධ කල්ලි එම අවි බිම දමා නැති අතර ඔවුහු ලිබියාවේ වත්මන් රජයට ද එරෙහිව කි‍්‍රයාත්මක වෙති. රටේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නෝ මොවුහුය. එම හේතුව නිසා මේ වන විට ලිබියාව මුළුමනින්ම අස්ථාවර වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"පැහැරගෙන ගොස් පැය කිහිපයකට පසු නිදහස් කරයි" මේ ඔක්කොම වාර්තා ..ලොකු අය්යාගේ පන්ති වෙන්ටැති? (අ)
අරාබි වසන්ත ඇවිත් මේ ආණ්ඩුව පෙරලනකම් පිට රටවල් වලට වෙලා හීන දකින ඩුබයි තිලක්ලට, පුංචි ටිකිරිලට , දිසානයකලට අරාබි වසන්තෙන් ප්‍රතිපල ලද රටවල වර්තමානය හොඳ පාඩමක් උගන්නනවා..රතුපස්වල මල මිනී දෙක තුනකට හඩා වැටෙන එව්වොම තමයි අරාබි වසන්ත ඉල්ලන්නෙත්..අරාබි වසන්ත මිනී දෙක තුනකින් ලබෙයි කියල වෙන්න ඇති කට්ටිය හිතාගෙන ඉන්නේ. (ස)
අවි ගත්තෝ අවියෙන්ම නසිති.. ඇමෙරිකාව හැමදාම සහය දුන්නෙත්, දෙන්නෙත් කැරලිකරයන්ටම තමයි, ලෝකේ තියෙන අනෙක් රටවල් මොන විදිහෙන් හරි වට්ටලා හැමදාම පළවෙනියා වෙන්න බලන්නේ. දැන් කොයි රටේද මේ කට්ටිය මැදිහත් වෙලා සැබෑ සාමයක් ඇති කරලා තියෙන්නේ? මෙයාලට දඬුවම් ලැබෙන්නේ ස්වභාව ධර්මයෙන්. (ස)