ලෙබනනයේ නැගෙනහිරින් පිහිටි බෙක්කා නිම්නයේ බාප්බෙක් නගරයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායල හමුදා කළ පහරදීම්වලින් 60 දෙනකු මියගිය බව පැවැසෙයි. තුවාල ලැබූවන් ගණන 58 කි.

මියගිය පිරිස අතර අවුරුදු 12 ට අඩු කුඩා දරුවන් කීප දෙනකු සිටින බව ද පැවැසෙයි. ලෙබනන් හිස්බුල්ලා සටන්කාමී සංවිධානය ක්‍රියාත්මක වන්නේ බෙක්කා නිම්නයේය.

(ඒ.එෆ්.පී.)