ලන්ඩන් අගනුවර අපවහන නළයකින් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීමේදී පෝලියෝ වයිරස විෂබීජ හමුවී ඇතැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසයි.
පෝලියෝ වයිරස විෂබීජ ඇතුළත් එම සාම්පාල ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කිරීමට ද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ද පැවැසෙයි.
එන්නත්කරණය හරහා මහා බ්‍රිතාන්‍යයෙන් පෝලියෝ වයිරසය තුරන් කර දැමීම සිදුවූයේ මීට දශක දෙකකට පමණ පෙරය. ඒ අනුව, පරිසරයෙන් පෝලියෝ වයිරස විෂබීජ හමුවීම කැලැඹිලිසහගත පුවතක් බවට පත් වී තිබේ. කෙසේ නමුත් තවමත් මහා බ්‍රිතාන්‍යයෙන් කිසිදු පෝලියෝ ආසාදිතයකු වාර්තා වී නැත.
බ්‍රිතාන්‍ය මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට ලන්ඩන් අපවහන නළයෙන් හමුවී ඇත්තේ පර්යේෂණාගාර තුළ වෛද්‍ය පර්යේෂකන්ගේ අධීක්ෂණය යටතේ පවතින පෝලියෝ වයිරස විෂබීජ වර්ගයකි.
‘පර්යේෂණාගාරවල පෝලියෝ විෂබිජ හෝ වේවා ස්වභාවිකව පරිසරයේ පවතින පෝලියෝ විෂබීජ හෝ වේවා අවට පරිසරයේ තිබීම කුඩා දරුවන්ට තර්ජනයක්. ඒ නිසා ඒ ගැන අපගේ පූර්ණ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වී තිබෙනවා.’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලන්ඩන් අපවහන නළයකින් පෝලියෝ විෂබීජ හමුවෙලා
Samira Thursday, 23 June 2022 06:15 PM
අළුත් ඇමැතිතුමා කලින් ගෙන්නපු කුණුවල අවුලක් තියෙන්න නැතුව ඇති..!