IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලක්ෂ 250 කින් සක්වල සවාරියක්

සංචාරක ක්ෂේත‍්‍රයට අභ්‍යාවකාශ තරණයත් ඇතුළත් වන දිනය වැඩි ඈතක නොවන සෙයක් පෙනෙන්නට තිබේ.

අන්තර්ජාතික සංචාරක ක්ෂේත‍්‍රයේ දැවැන්තයකු වන ඇමරිකාවේ වර්ජින් සමාගම පසුගියදා අභ්‍යාවකාශ සංචාරයන් වෙනුවෙන්ම නිර්මාණය කළ යානයක් සාර්ථකව අත්හදා බැලීමය.

එම සමාගමේ බළධාරීන් පවසන්නේ 2014 වර්ෂය අවසාන වන විට අභ්‍යාවකාශ තරණයේ යෙදීමට සාමාන්‍ය ජනතාවටත් අවකාශ ලැබෙනු ඇති බවයි.

වර්ජින් සමාගම මීට පෙර දෙවරක් මෙවන් යානා ගුවන් ගත කර අත්හදා බැලීම් සිදුකළ අතර මෙවර වාර්තාගත අඩි 71000 ක් උසකට යානය පියාසර කරවීමට හැකිව ඇතැයි සදහන්වේ.

අභ්‍යාවකාශ තරණය වෙනුවෙන් වර්ජින් සමාගම යානා දෙකක් භාවිතයට ගනී.පළමු යානය හෙවත් මව් යානයේ කාර්ය භාරය වනුයේ ඉහළ අභ්‍යාවකාශයට ඇතුල්වීමට නියමිත දෙවන යානය හැකි තාක් ඉහළට ගෙන යෑමයි.

අනතුරුව පළමු යානයෙන් මිදෙන දෙවන යානය ඉහළ අභ්‍යාවකාශයට ඇතුළු වේ.මේ සදහා එහි සවිකර ඇති රොකට්ටු ආධාර වන අතර අභ්‍යාවකාශයේ සැරිසරා අවසාන වූ පසු එය යළිත් පොළවට ගොඩ බස්වනු ලැබේ.

පළමු ගුවන් යානයට හා දෙවැනි ගුවන් යානයට වෙන් වෙන් වශයෙන් ගුවන් නියමුවන් දෙදෙනා බැගින් අනුයුක්ත කර සිටී.

සාමාන්‍ය ජනතාවට අභ්‍යාවකාශ තරණයට අවකාශ ලැබෙන්නේ යැයි බළධාරීන් පැවසුවත් දැනට ඉදිරිපත් කෙරී ඇති ටිකට්පත් මිල ගණන් පවසනුයේ වෙනත් කතාවකි.එක් ප‍්‍රවේශ පතක් ඩොලර් ලක්ෂ 2 කට (රුපියල් 258 ) ආසන්න මුදලකට මිල කර තිබෙන අතර දැනටමත් ප‍්‍රකට පුද්ගලයෝ කිහිපදෙනෙක්ම ආසන වෙන් කරවාගෙන සිටිති.

 

 

 

 



අදහස් (0)

ලක්ෂ 250 කින් සක්වල සවාරියක්

බණ්ඩා Monday, 13 January 2014 05:32 PM

අයියෝ ඕක මොකක්ද ? පොල් ගස් 3 ක ගෙඩි කැඩුවම ගාන හොයා ගන්න පුළුවන්.(නදී)

:       0       0

රේණුකා Tuesday, 14 January 2014 11:04 AM

කෝටියක් විතර පඩියක් හම්බ උනොත් මාත් යනවා (දී)

:       0       0

වීරරත්න Tuesday, 14 January 2014 11:07 AM

ඕවා යන්න පුළුවන් මිනිස්සුත් ඉන්නවා ලෝකේ අපිට බැරි උනාට (දී)

:       0       0

අල්විස් Tuesday, 14 January 2014 12:38 PM

අපිටත් දවසක ඉර පායාදෝ.... (දී)

:       0       0

කුලතුංග Tuesday, 14 January 2014 02:58 PM

මිනිස්සුන්ට යන්න පුළුවන් නම් සාල්ලි තියේ නම් ගියාම මොකද වෙන්නේ (දී)

:       0       0

ගයාන් Tuesday, 14 January 2014 03:09 AM

වර්ජින් සාමාගම බ්‍රිතාන්‍ය සමාගමක්.(නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 14 January 2014 07:22 AM

ඇත්තටම යන්න එන්න රටවල් නැතුව ඉන්න අපේ දේශපාලකයන්ට මෙන්න හොඳම අවස්ථාව ඇවිල්ල. (දී)

:       0       0

ගාමිණී - සිරි Monday, 13 January 2014 02:44 PM

සක්වල සවාරියට ලක්ෂ 250 ත් ගානක්ද?  දැනටමත් ආසන වෙන් කරගෙන ඇත්තේ අපේ රටේ ප්‍රභූ වරුම වෙන්න ඇති කියලයි මට සැක.(නදී)

:       0       0

දයා අලහාකෝන් Monday, 13 January 2014 04:29 PM

මේ ගොල්ලෝ ගියහම සක්වලම තියන්න. නැවත මෙහෙ එන්න බැරි වෙන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site