ඇමෙරිකාව මූලික කරගෙන ක්‍රියාත්මක එස්පීඅයි ආයතනය සමාජ සංවර්ධනය දර්ශකය සම්බන්ධයෙන් ලෝකයේ තෝරාගත් රටවල් 132ක් පදනම් කරගනිමින් කළ සමීක්ෂණයකින් ශ්‍රී ලංකාව 82 වැනි ස්ථානයට පත්ව ඇත.
ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයේ ව්‍යාපාර පාසලේ මාහාචාර්ය ඊ පෝටර් මේ සමූක්ෂණයේ මූලිකත්වය ගෙන ක්‍රියා කළේය.
මූලික මිනිස් අවශ්‍යතා, සුබසාධනය හා අවස්ථා යන කාණ්ඩ තුන යටතේ මේ සමීක්ෂණය සිදු කළේය.
මූලික මිනිස් අවශ්‍යතා කාණ්ඩයේ පෝෂණ අවශ්‍යතා සහ මූලික සෞඛ්‍ය දී ශ්‍රී ලංකාව වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, සුබධානය කාණ්ඩයේ දී ශ්‍රී ලංකාව පෞද්ගලි ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇතැයි පෙනී ගොස් ඇත. අවස්ථා ඛාණ්ඩයේ දී පුද්ගලයන්ගේ සමාජ තත්ත්වය වර්ධනයටත්, පෞද්ගලික නිදහස වැඩි ඉඩත් ලංකාව ලබා දී තිබුණ ද තේරීම් අතින් ශ්‍රී ලංකාව පහත වැටී ඇතැයි ද එම සමීක්ෂණයෙන් හෙළි විය.
මූලින මිනිස් අවශ්‍යතා කාණ්ඩයේ 77 වැනි ස්ථානය ද, සුබසාධන කාණ්ඩයේ 74 වැනි ස්ථානය ද, අවස්ථා කාණ්ඩයේ 98 වැනි තැන ද ලංකාවට හිමි විය.
කතාකිරීමේ නිදහස සීමා කිරීම, ආගමික නිදහස හා හිරිහැර ආදිය ලංකාවේ ස්ථානය පහළ වැටීමට හේතු වන්නට ඇතැයි එම සමීක්ෂණය කියයි.
මෙම දර්ශකය අනුව දකුණු ආසියාවේ හොඳම රට වීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර කලාපයේ අසාර්ථකම රට වූයේ පකිස්තානයයි.
ඉන්දියාව 102 වැනි තැන ද, නේපාලය 101 වැනි තැන ද, බංගලාදේශය 99 වැනි තැන ද හිමි කර ගත්තේය.
නවසීලන්තය, ස්විට්සර්ලන්තය හා අයිස්ලන්තය පිළිවෙලින් පළමු, දෙවැනි හා තෙවැනි තැන හිමි කර ගත්තේය.
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලංකාවට 82 වැනි තැන
කුමාරි Sunday, 06 April 2014 07:40 PM
රට දැය වෙනුවෙන් එකාමෙන් සිතා ක්‍රියා කළොත් අපටත් ඔය ලිස්ට් එකේ මුලට යන්න පුළුවන්. (නි)
භානු Monday, 07 April 2014 05:01 AM
දැන් රටේ සිදුවන , ස්ත්‍රී දුෂණ , මංකොල්ලකෑම්, වංචා, පැහැරගැනීම් අනුව මෙම ස්ථානයවත් ලැබුන එකට මට නම් සන්තෝෂයි (නි)
නීලා Monday, 07 April 2014 12:51 PM
මේක කලේ ඇමරිකාවේ හාවඩ් එකෙන්. ඒත් ඇමරිකාව ඉන්නෙත් 16 වෙනි තැන. එංගලන්තේ 14. ජපානේ 15 මහේ හිතේ.... (ස)
ඇසළ Sunday, 06 April 2014 09:02 PM
පක්ෂ බේද තිබෙනතුරු අපි පෙරට යනවා බොරු. (නි)
රොෂාන් Monday, 07 April 2014 02:04 PM
අපේ රට වේගයෙන් ඉදිරියට යනවා හැම අතින්ම හොඳයි. (ස)
ජනක Monday, 07 April 2014 03:17 PM
මට හිතුනේ මං මොනතරම් වාසනාවන්තද මේ ලැයිස්තුවේ අසු පස්වෙනි තැන දරන රටෙන් පැනගෙන පලවෙනි තැන දරන රටේ ජිවත් වෙන්න ලැබීම ගැන කියලා.. (ස)
ඉන්දික ගම්පහ Monday, 07 April 2014 09:28 AM
ආගමික නිදහස කියන්නේ මොකක්ද දන්නේ නෑ. ඕන කෙනෙකුට ඇවිත් මෙහි තිබෙන සමායෝජනය සහ සමතුලිත තාවය බිදීමට ඉඩදෙනවා නම් ඒක ආගමික නිදහස කියල කියවී. ඇමරිකාවේ තවත් සොයාගැනීමක්. (නදී)