
තමාගේ අරමුණ උතුරු කොරියාව, ලෝකයේ න්‍යෂ්ටික බලවතා වීම යැයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසා තිබේ.
උතුරු කොරියානු නායකයා මෙසේ පවසා ඇත්තේ හමුදා නිලධාරීන් රැසකට උසස් නිලතල ලබා දීමේ උත්සවයකට සහභාගී වෙමිනි. එම අවස්ථාවට නායක කිම් ජොන් උන්ගේ දියණිය ද එක් වී සිටියාය.
උතුරු කොරියාව අවසන් වරට අත්හදා බැලුවේ 'වැසොංග් 17' නමැති බැලැස්ටික මිසයිලයයි. මිසයිල අත්හදා බැලීම සාර්ථක විය. මෙම මිසයිලයට ඉතා පහසුවෙන්ම න්‍යෂ්ටික යුද ශීර්ෂ සවි කළ හැකි බව පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd