
එලැඹෙන නොවැම්බර් 15 වැනිදා වනවිට ලෝක ජනගහනය බිලියන 8 පසු කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
එම වාර්තාවේ දැක්වෙන පරිදි, 2023 වනවිට ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රට බවට පත් වනු ඇත්තේ චීනය නොව ඉන්දියාවය. මේ වනවිටත් ඉන්දියාවේ ජනගහනය චීනය ඉක්මවා ගොස් ඇතැයි ද වාර්තා වේ පැහැදිලිව සඳහන් වෙයි.
මේ බව සඳහන් වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ ලෝක ජනගහන අපේක්ෂාව සම්බන්ධයෙන් සැකැසූ වාර්තාවේය.
එක්සත් ජාතීන්ගේ නවතම ඇස්තමේන්තු වලට අනුව, ලෝක ජනගහනය 2030 වසරේ දී බිලියන 8.5 දක්වාත්, 2050 වසර වනවිට බිලියන 9.7 දක්වාත්, ඉන්පසු 2080 ගණන්වලදී බිලියන 10.4 දක්වාත් ඉහළ යනු ඇති අතර, 2100 දක්වා එම මට්ටමේ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2050 වසර වෙද්දී ලොව වැඩිම ජනගහනය වාර්තා වන රටවල් අතර ඉන්දියාව පෙරමුණ ගනු ඇති බවත්, කොංගෝ, ඊජිප්තුව, ඉතියෝපියාව, නයිජීරියාව, පකිස්තානය, පිලිපීනය සහ ටැන්සානියාව ද වැඩිම ජනගහනයක් වාර්තා කර ඇති බවත් එක්සත් ජාතීන්ගේ වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙයි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝක ජනගහනය බිලියන 8 පසු කරනවා