එක් දිනක් තුළ රුසියාවෙන් යුක්රේනයට මිසයිල ප්‍රහාර 70 ක් එල්ල විය. රුසියන් හමුදා එක් දිනක් තුළ යුක්රේනයේ නගර ඉලක්ක කර ගනිමින් වැඩිම මිසයිල ප්‍රමාණයක් එල්ල කළ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි.
මෙම මිසයිල එල්ල වී ඇත්තේ කීව් සහ කෙර්සෝන් යන නගරවලට බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ පවසා තිබේ. මිසයිල ප්‍රහාරවලින් නගරවල විදුලි බල පද්ධති අඩපණ වුණු බවත් සෙලෙන්ස්කී වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
රුසියාවෙන් එල්ල වුණු මිසයිලවලින් බොහොමයක් උඩු ගුවනේදීම විනාශ කර දැමීමට යුක්රේන හමුදාව සමත් විය. ඒ, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් යුක්රේන හමුදාවට ලැබී ඇති මිසයිල නාශක අවිවලිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd