
ලෝක බලවතුන් යැයි පුරසාරම් දොඩන කිසිදු බටහිර රටකට යුද පිහිටියේ දී රුසියාව පරාජය කළ නොහැකි බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.
ලෝක බලවතුන් යැයි කියා ගන්නා බටහිර රාජ්‍යයන්, දිගින් දිගටම රුසියාවට එරෙහිව විවිධ පියවර ගනිමින් සිටින බවත්, රුසියන් යුක්රේන සාම කතා මේ වනවිට ඔවුන්ට අමතක වී ගොස් ඇති බවත් රුසියන් ජනාධිපති පුටින් චෝදනා කරයි.
පසුගිය දා අවසන් වුණු ‘ජී 7’ සමුළුවේදී ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සිදු කළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපතිවරයා මෙසේ අදහස් පළ කර තිබේ.
ලෝක බලවතුන් යැයි පුරසාරම් දොඩන ඕනෑම රටක හමුදාවක් සමඟ රුසියන් හමුදාව ඕනෑ වෙලාවක යුද්ධයකට සූදානම් බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේටම විසඳුම යුද්ධය කියලා හිතන් ඉන්න, ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝනය කරන තවත් ඒකාධිපති උන්මන්තකයෙක්.
පවු, කට හින්දා එයත් ඉල්ලන් කනවා..! මෝඩකමට බෙහෙත් නැත...
මැරෙන්න ඉස්සෙල්ලා හැමෝම අවුලලා තියලා මැරෙන්න ඉන්න කෙනෙක්. බොරු කයිවාරු ගැහුවාට රුසියාවේ සාමාන්‍ය මිනිසුන්ට පාන් කියාගන්න බැහැ...