IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රුසියාවේ වත්කම් යුක්රේනයට

රුසියාවේ වත්කම්, රුසියාවට එරෙහිව යොදා ගනිමින්, යුක්රේනයට යුද ආධාර වශයෙන් ලබා දීමට, ඉතාලියේ පැවැත්වෙන ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවේදී එකඟත්වයක් ඇති කර ගැනුණි. ඒ අනුව, ‘ජී7’ නායකයන්ගෙන් යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 50 ක මුදලක් යුද ආධාර ලෙස හිමිවනු ඇත. 

මීට වසර දෙකකට පෙර, රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ, යුක්රේනය උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා සිටි බැවිනි.

‘නේටෝ’ යනු රුසියාවෙන් එල්ල වන තර්ජනවලට එරෙහිව ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් පිහිටුවාගත් යුද සන්ධානයයි. ‘ජී7’ කණ්ඩායමට අයත් රටවල් බොහොමයක් ‘නේටෝ’ සාමාජිකයන් ද වෙයි.

යුද ආධාර වශයෙන්, ‘ජී7’ නායකයන් යුක්රේනයට ලබා දෙන්නේ, විදේශවල ඇති අත්හිටුවන ලද රුසියානු වත්කම්ය. මෙම රුසියානු වත්කම් අත්හිටුවීම සිදු කෙරුණේ, රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ අවස්ථාවේදීය.

මාධ්‍ය වාර්තා කරන අන්දමට, ඇමෙරිකන් ඩොලර් බිලියන 50 ක එම මුදල යුක්රේනයට හිමිවනු ඇත්තේ මෙම වසර අවසානයේ දීය.
‘යුක්රේන යුද්ධයේ දී අප කිසිම අවස්ථාවක යුක්රේනය අමතක කර නැහැ. අප කිසිම අවස්ථාවක පසුබසින්නේ නැහැ.’ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පෙන්වා දී තිබේ. ඉතාලියේ පැවැත්වෙන ‘ජී7’ සමුළුවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද සහභාගී වෙයි. ‘ජී7’ නායකයන් සහ සෙලෙන්ස්කී අතරේ වෙන වෙනම සාකච්ඡා පැවැත්වුණු බව ද පැවැසෙයි.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, වසර 10 ක කාලයක් සඳහා යුක්රේනය සමඟ ආරක්ෂක ගිවිසුමකට ද අත්සන් කළේය. කෙසේ නමුත් යුක්රේනය වෙනුවෙන් රුසියාව සමඟ සටන් වැදීමට කිසිම විටම ඇමෙරිකන් සොල්දාදුවන් යවන්නේ නැතැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඇමෙරිකාවට අමතරව ජපානය ද යුක්රේනය සමඟ වසර 10 ක ආරක්ෂක ගිවිසුමකනට අත්සන් කළ බව පැවැසෙයි. ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සහ යුක්රේන ජනාධිපති අතරේ ද විශේෂ හමුවක් පැවැත්විණි.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

රුසියාවේ වත්කම් යුක්රේනයට

Ashoka Friday, 14 June 2024 08:07 AM

ඇමරිකාව මේ වගේ තක්කඩි වැඩ කරන්න දක්ෂයි, පෙට්‍රෝ ඩොලර් එක නැති වුණාම බලන්න පුළුවන් මේ සෙට් එක ඔක්කෝම හොම්බෙන් යන හැටි...!

:       3       4

Udara Hemachandra Friday, 14 June 2024 10:43 AM

නේටෝ යනු රුසියාවෙන් නොව 1949 සෝවියට් දේශයෙන් එල්ලවන තර්ජන සඳහා මුහුණ දීමට ඇමෙරිකාව හා යුරෝපය පිහිටුවාගත් සංවිධානයයි

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site