යුක්රේනයට අයත්, රුසියන් පාලනයේ පවතින නොවොයිදර් පළාතේ රුසියන් රෝහලකට යුක්රේනය මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. රුසියන් හමුදාව චෝදනා කරන්නේ, යුක්රේන හමුදාව බටහිරින් ලැබුණු මිසයිල යොදා ගනිමින් රෝහලට හිතාමතා පහර දුන් බවය.

එම චෝදනා සම්බන්ධයෙන් යුක්රේනය කිසිවක් පවසා නැත. කෙසේ නමුත් රුසියාවේ ඉලක්කවලට පහර දීමට හැකි මිසයිල බටහිර රටවලින් යුක්රේනයට ලැබී ඇත.

ඊට අමතරව, ප්‍රංශයෙන්, එක්සත් රාජධානියෙන්, ජර්මනියෙන් සහ ඇමෙරිකාවෙන් යුද ටැංකි ද යුක්රේන හමුදාවට ලැබී තිබේ.

රෝහලට එල්ල වුණු මිසයිල ප්‍රහාරයෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බව රුසියානු හමුදාව කියයි. තුවාල ලැබූ ගණන 24 කි. ජීවිතක්ෂයට පත්වුණු සහ තුවාල ලැබූ පිරිස අතරේ සිටින වැඩි දෙනා රෝගීන් යැයි ද රුසියන් හමුදාව වැඩි දුරටත් පවසා තිබේ.

(එන්.ඩී.ටීවී.)