
යුක්රේනයට අයත්, රුසියන් පාලනයේ පවතින නොවොයිදර් පළාතේ රුසියන් රෝහලකට යුක්රේනය මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. රුසියන් හමුදාව චෝදනා කරන්නේ, යුක්රේන හමුදාව බටහිරින් ලැබුණු මිසයිල යොදා ගනිමින් රෝහලට හිතාමතා පහර දුන් බවය.
එම චෝදනා සම්බන්ධයෙන් යුක්රේනය කිසිවක් පවසා නැත. කෙසේ නමුත් රුසියාවේ ඉලක්කවලට පහර දීමට හැකි මිසයිල බටහිර රටවලින් යුක්රේනයට ලැබී ඇත.
ඊට අමතරව, ප්‍රංශයෙන්, එක්සත් රාජධානියෙන්, ජර්මනියෙන් සහ ඇමෙරිකාවෙන් යුද ටැංකි ද යුක්රේන හමුදාවට ලැබී තිබේ.
රෝහලට එල්ල වුණු මිසයිල ප්‍රහාරයෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බව රුසියානු හමුදාව කියයි. තුවාල ලැබූ ගණන 24 කි. ජීවිතක්ෂයට පත්වුණු සහ තුවාල ලැබූ පිරිස අතරේ සිටින වැඩි දෙනා රෝගීන් යැයි ද රුසියන් හමුදාව වැඩි දුරටත් පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
328
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2142
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1621
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියානු රෝහලකට යුක්රේන මිසයිල ප්‍රහාරයක්