
රුසියන් පාර්ලිමේන්තුව හෙවත් ක්‍රෙම්ලීනයේ, ‘එච්1එන්1’ හෙවත් ‘සූකර උණ’ ව්‍යාප්තියක් සිදුවෙමින් පවතින බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, බංකරයක සැඟවී සිය රාජකාරිවල නියැලෙන බවත් බ්‍රිතාන්‍යයේ ‘ද මෙට්‍රෝ’ පුවත් වෙබ් අඩවිය ඊයේ (14) වාර්තා කළේය.
‘එච්1එන්1’ හෙවත් ‘සූකර උණ’ වයිරස සැලකෙන්නේ ද ඉන්ෆුවෙන්සා වයිරස තත්ත්වයක් ලෙසය. සාමාන්‍යයෙන් නොවැම්බර් දෙසැම්බර් සහ ජනවාරි ශීත කාලයේ ඉන්ෆ්ලුවන්සා ව්‍යාප්තිය බහුලය.
මේ වනවිට රුසියන් පාර්ලිමේන්තුවේ අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි රුසියන් සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd