
ඉන්දියාවේ අයෝධ්‍යාවේ ඉදිවුණු රාම් මන්දිර් හින්දු දේවස්ථානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද (22) දිනයේ විවෘත කිරීමට නියමිතය.
මේ සඳහා දැවැන්ත උත්සවයක් සංවිධානය කර ඇත. එය අද (22) සිට දින ගණනක් පැවැත්වෙයි. ‘ප්‍රාන් ප්‍රතිෂ්ඨා‘ (කැපවීම) සඳහා වන වෛදික චාරිත්‍ර මේ වනවිටත් ආරම්භ වී ඇතැයි ද පැවැසෙයි. පසුව ‘ආරති‘ උත්සවයට සහභාගී වීම සඳහා බැතිමතුන්ට දේවස්ථානයේ දොරටු විවෘත වීම සිදු වෙනවා.
රාම් මන්දිර් දේවස්ථානය ඉදි කර ඇත්තේ 1992 දෙසැම්බරයේ හින්දු මුස්ලිම් කෝලාහලවලින් පසු කඩා බිඳ දමා විනාශ කළ බබ්රි මුස්ලිම් පල්ලිය පිහිටි ස්ථානයේය.
හින්දු හිමිකම් නියෝජනය කරන අයට පක්ෂව 2019 දී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීමෙන් පසු දේවස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ විය. හින්දු විශ්වාසය අනුව, රාම් දෙවියන් උපන්නේ මෙම ස්ථානයේය.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තවාදී මුස්ලිමුන් පරදා හින්දූන් ලැබූ ජයග්‍රහණයක්. උණුසුම් සුබපැතුම්!
දෙවියො උපදිනවලු මොන මගුල් කතාවක් ද ඒ්