දින කිහිපයක් ඇතුළත යුරෝපා සංගමයේ රටවල් කිහිපයකට තෙල් සැපයුම නවතාදැමීම කෙරෙහි ඉරානයේ අවධානය යොමුවී තිබෙන බවට ඊයේ (29) තෙහෙරාන් නුවරදී පැවැති සමුළුවක දී ඉරාන රජය අනතුරු ඇඟවීය. ඉරානය සහ ඇමෙරිකාව අතර සබඳතා වඩාත් අර්බුදකාරී මාවතකට යොමුවීමට හේතුවූයේ ඇමෙරිකාව සහ යුරෝපය, ඉරානය සම්බන්ධයෙන් සම්බාධක පැනවීමට ගත් තීරණයයි. ඒ අනුව යුරෝපා සංගමයට අයත් සාමාජික රාජ්‍යයන් 27 ලබන ජූලි 1 සිට ඉරානයෙන් තෙල් ආනයනය කිරීම අත්හිටුවීමට තීරණය කර ඇත. ඔපෙක් සංවිධානයේ දෙවන විශාලතම තෙල් සැපයුම්කරුවන ඉරානය මෙවැනි ක‍්‍රියාමාර්ගයක් ගතහොත් එය යුරෝපයේ රටවල ආර්ථිකය බරපතළ අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. දෙරට අතර වර්ධනය වෙමින් පවතින අර්බුදකාරී තත්වය ‘සීතල යුද්ධයක්’ බවට පරිවර්තනය වී ඇති අතර එම තත්ත්වය දරුණු සංග‍්‍රාමයක් කරා යොමුවීමේ අවදානමක් පවතින බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. මේ දිනවල පරමාණු බෝම්බ නිපදවනවාදැයි සොයා බැලීමට ඉරානයට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ පරමාණුක ශක්ති අධිකාරියේ නිලධාරීන් අපක්ෂපාතීව නිරීක්ෂණ කටයුතුවල යෙදෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඉරාන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය. ඉරානයේ ප‍්‍රධාන තෙල් ආනයනකරුවකු වන ඉන්දියාව පවසන්නේ ජාත්‍යන්තර වශයෙන් ඉරාන තෙල් වෙළෙඳාම නවතාලීමට ගන්නා උත්සාහයට තමන් සහය නොදෙන බවයි. සංවර්ධනය වන රටක් වන ඉන්දියාවේ ආර්ථිකයට ඉරාන තෙල් සම්පත තීරණාත්මක සාධකයක් බව ඉන්දීය මුදල් අමාත්‍යවරයා ඇමෙරිකා සංචාරයකදී කියා සිටියේය. ඇමෙරිකාවේ ප‍්‍රධාන අරමුණ වී තිබෙන්නේ ඉරානයෙන් තෙල් මිලට ගන්නා ආසියානු රටවල් සමග සිදු කරන තෙල් ගනුදෙනු අඬාල කර ඉරාන ආර්ථිකය දුර්වල කිරීම බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යුරෝපයේ රටවල් කිහිපයකට තෙල් සැපයුම නතර කරනවා