
යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතර හමුවක් පැවැත්විණි. හමුව පැවැත්වූයේ යුක්රේනයේ කීව් අගනුවර විශේෂ ආරක්ෂාවක් යටතේය.
යුක්රේනය, යුරෝපා සංගමයේ සාමාජිකත්වය අපේක්ෂා කරයි. යුක්රේන රජය පසුගිය වසරේ ජූනි මාසයේ යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඇයැදුම් කළ අතර ඊට යුරෝපා සංගමයෙන් යහපත් ප්‍රතිචාර හිමිවිය.
රටවල් බොහොමයක් යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලා එය ලබා ගැනීමට පොරොත්තු ලේඛනයේ පසුවන නමුත්, යුරෝපා සංගමය යුක්රේනය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වා ඇතැයි ද පැවැසෙයි.
ඊයේ (2) යුරෝපා සංගමයේ රටවල නියෝජිතයන් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අතරේ සාකච්ඡා පැවැත්වූයේ ඒ සම්බන්ධයෙනි. යුක්රේනයට තව වසර දෙකක් යද්දී යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට හැකිවනු ඇතැයි යුරෝපා සංගමය පැහැදිලි කර ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd