
යුක්‍රේනයේ සංචාරයක නිරත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රුසියානු - යුක්‍රේන යුද්ධයෙන් මියගිය දරුවන් අනුස්මරණය කිරීමට සහ කීව් අගනුවර ස්ථාපිත කර ඇති මහත්මා ගාන්ධි ස්මාරකය නැරඹීමට අමතක නොකළේය.
මෝදි යුක්රේනයේ සංචාරය කරන්නේ යුක්රේන රුසියන් යුද්ධයට සාමකාමී විසදුම් සෙවීමේ අරමුණින්ය. ඒ සම්බන්ධයෙන් මෝදි සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.
අග්‍රාමාත්‍ය මෝදිගේ මෙම සංචාරය සැලකෙන්නේ 1991 වසරේදී යුක්‍රේනය සෝවියට් සමූහාණ්ඩුවෙන් නිදහස ලබා ගැනීමෙන් පසුව ඉන්දීය අගමැතිවරයෙකු යුක්‍රේනයේ සංචාරයක නියැලෙන පළමු අවස්ථාව ලෙසය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd