
විවිධ මාදිලියේ දිගු දුර රොකට් පද්ධති ප්‍රංශ රජයෙන් තමන්ට ලැබී ඇතැයි යුක්රේනය පවසයි. මෙම රොකට් පද්ධති යුක්රේනයට ලැබී ඇත්තේ රුසියානු ප්‍රහාරවලට එරෙහිව සටන් වැදීමය.
ප්‍රංශ රජයෙන් යුක්රේනයට මේ අයුරින් දිගු දුර රොකට් පද්ධති ලැබුණු පළමු අවස්ථාව මෙයයි. මෙම කිලෝ මීටර් 70 ක දුරකට මෙම රොකට් විදිය හැකි බව ද පැවැසෙයි.
රුසියන් යුක්රේන අර්බුදයේ දී, යුක්රේනයට ප්‍රංශයේ සහාය ද හිමිවෙයි. මේ වනවිට යුක්රේන හමුදාවට ඇමෙරිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් ද අවි ආයුධ ලැබෙමින් පවතී.
ප්‍රංශයෙන් මෙම නව රොකට් පද්ධති හිමිවීමත් සමඟ යුක්රේන හමුදාව තව තවත් ශක්තිමත් වූ බව යුක්රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්ස්කි රෙස්නිකෝව් ‘ට්විටර්’ පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd