
ඇමෙරිකාව, යුක්රේනයට තවත් මිලියන 400 ක යුද ආධාර ලබා දීමට කැමැත්ත පළ කර තිබේ. ආධාර ලෙස ලබා දීම සිදුවන්නේ එරට හමුදා ආරක්ෂක පද්ධති ශක්තිමත් කිරීමට අවශ්‍ය උපාංග සහ මිසයිල නාශක පද්ධතියකි.
මෙම ආධාර යුක්රේන රජයට හිමිවන්නේ, රුසියන් හමුදා ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහාය. රුසියන් හමුදා යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය.
රුසියන් ප්‍රහාරවලින ආරක්ෂා වීමට මීට පෙර අවස්ථා ගණනාවකදී ද ඇමෙරිකන් රජය යුක්රේනයට අවි ආයුධ පමණක් නොව මූල්‍ය ආධාර ද ලබා දී තිබේ. ඇමෙරිකාව මේ වනවිට යුක්රේනයට ලබා දුන් මූල්‍ය ආධාර ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 18.6 කි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd