
පෙර දැනුම් දීමකින් තොරව, යුක්රේනයේ කීව් අගනුවරට ගිය ඇමෙරිකන් ැාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ සාකච්ඡා කිරීමෙන් පසු කියා සිටියේ ඇමෙරිකන් රජය තවත් ඩොලර් බිලියනයක මුදල් ආධාර යුක්රේනයට ලබා දීමට සූදානම් බවය.
එම මුදල් ආධාර අතරින් ඇමෙරිකන් ඩොලර් මිලියන 665 ක මුදලක් ලබා දීම සිදුවන්නේ, යුදෝපකරණ සහ යුක්රේන වැසියන්ගේ ආරක්ෂක කටයුතු වෙනුවෙනි. ඊට අමතරව, ඇමෙරිකාව සතු ‘හිමාර්ස්’ වර්ගයේ මිසයිල පද්ධති ද යුක්රේනයට ලබා දීමට ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා කැමැත්ත පළ කළේ යැයි පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd