
රුසියන් හමුදාව සමඟ සටන් වැදීමට තමන්ට ‘ග්‍රේ ඊගල්’ වර්ගයේ ප්‍රහාරක ඩ්‍රෝන යානා ලබා දෙන්නැයි යුක්රේන රජය ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ.
ඇමෙරිකන් මාධ්‍ය පවසා ඇත්තේ යුක්රේනය කළ එම ඉල්ලීමට කැමැත්ත දෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් දෙගිඩියාවෙන් පසුවන බවය.
‘ග්‍රේ ඊගල්’ යනු ඇමෙරිකන් හමුදාව සතු ප්‍රබල අවියකි. මෙම ඩ්‍රෝන යානාවලට පැය 24 ක් එකදිගට ගුවන්ගතවී සිටිය හැකිය. මීටර් 8,800 ක් ඉහළින් පියාසර කළ හැකිය.
මෙම ඩ්‍රෝන යානා යුක්රේන හමුදාව සතු වුවහොත්, ඔවුන්ට එරට ආක්‍රමණය කිරීමට සැරැසෙන රුසියන් හමුදා ඉලක්ක කර ගනිමින් පහර දීම් කළ හැකි බව පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd