
යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය අවසන් කිරීමේ කිසිදු අදහසක් තමන්ට නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවින්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියන් හමුදා මෙහෙයවූයේ පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වැනිදාය. ඒ අනුව, ලබන 24 වැනිදාය රුසියන් යුක්රේන යුද්ධයට වසරක් සපිරෙයි.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ප්‍රමුඛ රජයට, ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවලින් ආධාර සහ අවි ආයුධ පවා හිමිවෙයි. රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දී යුක්රේනයට එසේ අවි ආයුධ ලැබෙද්දී රුසියන් යුක්රේන යුද්ධයේ අවසානයක් අපේකෂා කළ නොහැකි බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ රටට, ජාතියට ආදරය කරන නායකයෝ...!