
ඇමෙරිකාවේ නිල සංචාරයකට පැමිණි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුව ධවල මන්දිරයේදී පැවැත්විණි.
විශේෂ ආරක්ෂාවක් යටතේ ධවල මන්දිරයට ආ යුක්රේන ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගැනීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් කටයුතු කළේය.
රුසියන් ආක්‍රමණය හමුවේ ඇමෙරිකාව දිගින් දිගටම යුක්රේනයට සහාය දැක්වීම සම්බන්ධයෙන්, යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ට ස්තුති කළා පමණක් නොව, යුක්රේනය වෙනුවෙන් වීර පදක්කමක් ද බයිඩන්ට පිරිනැමීමට සෙලෙන්ස්කී කටයුතු කළේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද හැංගිලා බලාඉන්නේ?
අපේ ජනාධිපතිත් හිතාගෙන උන්නේ ඔය රටවල් වලට ගියාම ඔය විදියටම වීර පදක්කම් දෙයි කියලා.ඉස්සර නම් පින් උපාධියක් වත් දුන්නා.ඒත් මෙදා පාර පින් ඩබල් වෙලාද කොහෙද .මළගෙවල් වලට විතරයි යන්නේ
මේ දෙන්නම ‘‘විකටයෝ‘‘...