
වයඹදිග නයිජීරියාවේ මුස්ලිම් පල්ලියකට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක්, එහි සිටි බැතිමතුන් 19 දෙනකු පැහැරගෙන ගොස් ඇතැයි නයිජීරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
සන්නද්ධ පිරිස කඩා වැදී ඇත්තේ කට්සිනා පළාතේ, මයිගාමීජී නමැති ගම්මානයේ මුස්ලිම් පල්ලියටය. ඒ, වෙඩි තබමිනි. සන්නද්ධ කණ්ඩායම කළ වෙඩි තැබීමෙන් බැතිමකුත් 12 දෙනෙකු තුවාල ලැබූ බව ද වාර්තා වේ. තුවාල ලැබූවන් අතර ඉමාම්වරයා ද සිටී. තුවාල ලැබූවන් පසුව රෝහල් ගත කෙරුණි.
වයඹදිග නයිජීරියාවේ සන්නද්ධ අපරාධ කල්ලි බොහොමයක් ක්‍රියාත්මක වෙයි. ඔවුහු කප්පම් ලබා ගැනීම්, පුද්ගලයන් පැහැර ගැනීම්, ගොවිපොල සතුන් බලෙන් රැගනෙ යෑම ආදී ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරති.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd