මොස්කව් අගනුවරට පහර දීමට ආ නියමුවන් රහිත ප්‍රහාරක යානා දෙකක් පහර දී විනාශ කිරීමට රුසියන් හමුදාව සමත් විය.

මොස්කව් නගරාධිපති සර්ගේ සොබ්යානින් පැවැසුවේ, එම ඩ්‍රෝන යානාවලින් එකක්, මොස්කව් නුවරට පිටතින් ඩොමොඩෙඩෝව් පලාතේ දී පහර දී විනාශ කළ බවය. අනෙක් ඩ්‍රෝන යානය බිම දමා ඇත්තේ මිස්ක් අධිවේගී මාර්ගයට නුදුරිනි.

එම ඩ්‍රෝන යානා දෙකම, මිසයිල ප්‍රහාර එල්ල කිරීමට යොදා ගන්නා යානාය. රුසියන් යුක්රේන යුද්ධයේ දී ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සහාය හිමිවන්නේ යුක්රේන රජයටය. මෙම ඩ්‍රෝන යානා බටහිර රටවලින් යුක්රේන හමුදාවට ලැබුණු ඒවාය.