
මියන්මාරයේ හදිසි නීතිය තවත් මාස 6 කින් දීර්ඝ කිරීමට, හමුදා රජය තීරණය කර තිබේ.
මියන්මාරයේ පාලනය හමුදාව අතට පත් වූයේ මීට වසර දෙකකට පෙරය. ඒ, නායිකා අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා හමුදාව රටේ බලය අල්ලා ගැනීමෙන් පසුවය. හමුදා පාලකයන් හදිසි නීතිය ක්‍රියාත්මක කළේ ද එසේ රටේ බලය අත්පත් කර ගැනීමෙන් අනතුරුවය.
කෙසේ නමුත් කඩිනමින් මහ මැතිවරණයකට යෑමට තමන් සූදානම් යැයි මියන්මාර හමුදා රජය කැමැත්ත පළ කර තිබේ. හමුදා පාලකයන් ඒ බව පසුගිය දා නිවේදනය කළේය. හමුදා පාලකයන්ට අනුව, මහ මැතිවරණය එලැඹෙන අගෝස්තු මාසයේ පැවැත්වෙනු ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd