මියන්මාරයේ හදිසි නීතිය තවත් මාස 6 කින් දීර්ඝ කිරීමට, හමුදා රජය තීරණය කර තිබේ.
මියන්මාරයේ පාලනය හමුදාව අතට පත් වූයේ මීට වසර දෙකකට පෙරය. ඒ, නායිකා අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා හමුදාව රටේ බලය අල්ලා ගැනීමෙන් පසුවය. හමුදා පාලකයන් හදිසි නීතිය ක්‍රියාත්මක කළේ ද එසේ රටේ බලය අත්පත් කර ගැනීමෙන් අනතුරුවය.
කෙසේ නමුත් කඩිනමින් මහ මැතිවරණයකට යෑමට තමන් සූදානම් යැයි මියන්මාර හමුදා රජය කැමැත්ත පළ කර තිබේ. හමුදා පාලකයන් ඒ බව පසුගිය දා නිවේදනය කළේය. හමුදා පාලකයන්ට අනුව, මහ මැතිවරණය එලැඹෙන අගෝස්තු මාසයේ පැවැත්වෙනු ඇත.
(රොයිටර්)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මියන්මාරයේ හදිසි නීතිය මාස 6 කින් දීර්ඝ කෙරේ