IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


මියන්මාරයේ වෙනස රැවටිල්ලක්ද?

දශක දෙකකට අධික කාලයක් තිස්සේ ජාත්‍යන්තර සම්බන්ධතා රේඩාර් තිරයෙන් බැහැර කර තිබූ මියන්මාරය දැන් විවිධ මට්ටම්වල රාජ්‍ය තාන්ති‍්‍රකයින්ගේ ආකර්ෂණීය මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ දින තුනක සංචාරයකින් පසුව එක්සත් රාජධානියේ විදේශ ලේකම් විලියම් හේග්, ප‍්‍රංශ විදේශ ඇමැති ඇලන් ජුපේ  සහ ජපානයේ වෙළඳ ඇමැති යුකියෝ එඩනෝ මියන්මාරයට ගොස් රාජ්‍ය නායකයින් මෙන්ම දැන් නිවාස අඩස්සියෙන් නිදහස් කර සිටින ප‍්‍රජාතන්ත‍්‍රීය ව්‍යාපාරයේ නායිකා අවුන්ග් සාන් සුකී හමුවූහ. ජාත්‍යන්තර තලයේ විශේෂයෙන්ම බටහිර රටවල් ලාදුරු රෝගියකු මෙන් සලකා බැහැර කළ මියන්මාරය නැවත වරක් ජාත්‍යන්තර කරලියට පිවිසීම එක අතකින් එරට තුළ ප‍්‍රජාතන්තී‍්‍රය අවකාශය පුළුල්වීමක් වන අතර ජාත්‍යන්තර වශයෙන් වෙළෙඳ හා රාජ්‍ය තාන්ති‍්‍රක සම්බන්ධතා වර්ධනය වීමට හොඳ ආරම්භයකි. වෙළෙඳ හා ආර්ථික සම්බන්ධතා නිසා පීඩාවට පත්ව ඇති ස්වභාවික සම්පත්වලින් පොහොසත් මියන්මාරයට නව සංවර්ධන මාවතකට පිවිසීමට අවස්ථාවක්ද උදාවනු ඇත. සම්බාධක හා විවිධ තහංචිවලට ලක්ව සිටි මියන්මාරය පසුගිය දශක දෙකකට අධික කාලයක් තිස්සේ සම්පූර්ණයෙන්ම රැඳී සිටියේ අසල්වැසි චීනය කෙරේය. මියන්මාරයේ මෙම දොරටුව විවෘත වූයේ 1990 සිට විවිධ තහංචිවලට හා සීමා කිරීම්වලට ලක්ව සිටි අවුන්ග් සාන් සුකී පසුගිය වසරේ මැද භාගයේදී නිදහස් කිරීමත් සමගය. 1990 දී පවත්වන ලද මහ මැතිවරණයෙන් සුකීගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගය විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කර ගත් නමුත් ඡුන්ද ප‍්‍රතිඵල පිළිනොගත් හමුදා පාලකයෝ පාර්ලිමේන්තුව කැඳවීමට පියවර නොගත්හ. ඒ වෙනුවට පාර්ලිමේන්තුව කැඳවා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කළ පිරිස් මර්දනය කොට මහජන ඡුන්දයෙන් තේරීපත්වූ නියෝජිතයින් බොහෝ දෙනෙකු සිර භාරයට ගත්හ. අවුන්ග් සාන් සුකී ද සිරභාරයට පත් කෙරිණ. මේ නිසා මියන්මාරයේ හමුදා පාලකයින් සමග සම්බන්ධතා පැවැත්වීම බොහෝ රටවල් අත් හළහ. එක්සත් ජනපදය හා බටහිර රටවල් එහි මුල්තැන ගත් අතර ඉන්දියාව වැනි රටවල්ද මියන්මාරය සමග පැවැත්වූ සම්බන්ධතා අවම කළහ. එහෙත් මියන්මාරයේ හමුදා පාලකයින්ට අපහසුවක් නොමැතිව බලය පවත්වා ගැනීමට හැකි වූයේ චීනයේ සහයෝගය නිසාය. මියන්මාරයේ විදේශ වෙළඳාමෙන් සියයට 80 කට වඩා සිදු කෙරුණේ මහජන චීනය සමගය. විපක්ෂයේ දේශපාලන කණ්ඩායම හා සුළුතර ජනකොටස් නොවිමසා සම්මත කරගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යටතේ පසුගිය වසරේ පවත්වන ලද මහා මැතිවරණයෙන් හමුදා පාලකයින්ගේ අනුග‍්‍රහය ලැබූ කණ්ඩායමක් බලයට පත්වූ පසු රජයේ දැඩි ආකල්පය වෙනස් වන බවක් දක්නට ලැබිණ. සන්නද්ධ හමුදාවල බහුතර බලයක් තහවුරුවන ආකාරයට සකස් කර ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ පවත්වන ලද මහ මැතිවරණයෙන් ජය ගත්තේද සිවිල් ඇඳුමෙන් සැරසුණ හමුදාවේ උසස් නිලධාරින්ය. ජනාධිපති තනතුරට පත් තීන් සීන්ද හිටපු හමුදා ප‍්‍රධානියෙකි. ඇමැති මණ්ඩලය සකස් වූයේද හිටපු හමුදා නායකයන්ගෙන්ය. මේ නිසා නව පාලනය සිවිල් ඇඳුමෙන් සැරසුණ හමුදා රජයක් සේ බොහෝ නිරීක්ෂකයෝ හැඳින්වූහ. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ නැවත ලියා පදිංචි කිරීම ප‍්‍රතික්ෂේප කළ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට මැතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාවක් ලැබුණේ නැත. ඊට අමතරව හමුදා පාලනය යටතේ පවත්වන ඡුන්ද විමසීමක් නිදහස් සාධාරණ මැතිවරණයක් විය නොහැකි නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෝ ඡුන්ද විමසීමට ඉදිරිපත්වීමද ප‍්‍රතික්ෂේප කළහ. ප්‍රෝඩාකාරී ඡුන්දයකින් ජය ගත් හමුදා නායකයින් වඩාත් විවෘත ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ස්ථාපිත කරනු ඇතැයි කිසිවෙක් බලාපොරොත්තු වූයේද නැත. එහෙත් සුකී නිවාස අඩස්සියෙන් නිදහස් කිරීමත් නව රජය ඇය සමග දේශපාලන සංවාදයක් ඇරැුඹීමත් සමඟ මියන්මාරය වෙනස් ගමන් මඟකට යොමු වන බවක් පෙනිණ. සුකී නිදහස් කිරීමෙන් පසුව ප‍්‍රධාන පෙළේ දේශපාලන කි‍්‍රයාකාරින් ගණනාවක්ද නිදහස් කරනු ලැබූ අතර රජය සමග පුළුල් දේශපාලන සංවාදයක් ඇරැුඹීමට නම් සියලූ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි සුකී ඉල්ලා සිටියාය. ඊට අමතරව රටේ උතුරු ප‍්‍රදේශයේ වෙසෙන කචින් ඇතුළු වාර්ගික කණ්ඩායම් සමග කෙරෙන සන්නද්ධ ගැටුම නතර කොට සටන් විරාමයක් ප‍්‍රකාශ කරන ලෙසද ඇය ඉල්ලා සිටියාය. සුළු ජනවාර්ගික කණ්ඩායම්වල ඉල්ලීම පදනම් කොට සංවාදයක් ඇරැඹීමත් ඔවුනට දේශපාලන විසඳුමක් ලබාදීමත් සාමකාමී ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ගොඩනැගීමේ පදනම ලෙස ඇය හැඳින්වූවාය. මෙම ඉල්ලීම්වලට රජයෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණි. ඒ අතරින් වඩාත් වැදගත් වූයේ පරිසරවේදීන්ගේ හා ජනතාවගේ දැඩි විරෝධයට ලක්වූ ජල විදුලි යෝජනා ක‍්‍රමයක් නතර කිරීමට නව රජය එකඟවීමය. ඩොලර් කෝටි 440ක වියදමක් දරා චීන ආධාර යටතේ ඉදි කිරීමට නියමිත වූ මෙම යෝජනා ක‍්‍රමය මහජන මතයට ගරු කරමින් නතර කිරීම නව පාලකයින්ගේ ආකල්පමය වෙනසකි. දේශසීමා ප‍්‍රදේශවල වාර්ගික කණ්ඩායම් සමග පැවති ගැටුම නිරාකරණය කිරීමේ මූලික පියවරක් වශයෙන් සටන් විරාමයක්ද ප‍්‍රකාශයට පත් කෙරිණ. පසුගිය සතියේ සෙනසුරාදා කචින් නිදහස් හමුදාව සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කළ බව මියන්මාර රජයේ නිල ප‍්‍රකාශනවල සඳහන් විය. අවුන්ග් සාන් සුකී සමග දේශපාලන සංවාදයක් පවත්වා ගැනීමටත් ඇයගේ පක්ෂය ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහයට එක් කර ගැනීමටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීමටද රජය එකඟ වූයේය. අවුන්ග් සාන් සුකීට පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදීම සඳහා අතුරු මැතිවරණයකට ඉදිරිපත්වීමට රජයෙන් අවස්ථාවක් ලබාදුන් අතර ඇය ලබන අපේ‍්‍රල් මාසයේ පැවැත්වෙන අතුරු මැතිවරණයෙන් නිසැකවම ජයගනු ඇත. සුකී පාර්ලිමේන්තුවට තේරීපත් වුවහොත් ඇයට කිසියම් දේශපාලන වගකීමක් ලබාදීමටද රජය සූදානම් බව ජනාධිපති තීන් සීන් ප‍්‍රකාශ කළේය. ඒ අනුව ඇයට ඇමැති තනතුරක් හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇත. සුකී ද තමාට නිසි වගකීමක් පැවරෙන්නේ නම් ජනතාව වෙනුවෙන් එය ඉටු කිරීමට පසුබට නොවන බව සඳහන් කළාය. හමුදාවේ ආධිපත්‍යය තහවුරු වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය සඳහා ඇති ඉඩකඩ ඉතාමත් සීමිත වුවද මෙම ප‍්‍රවණතාව බෙහෙවින් සුබදායක බව බොහෝ නිරීක්ෂකයෝ පෙන්වා දෙති. 2004 දී එවකට අගමැති වූ කින් ක්යුන්ට් ද මෙවැනි උත්සාහයක් ගත් නමුත් ඉන් පසුව ඇති වූ බල අරගලයෙන් ඔහුට තනතුර අහිමි වූ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයද ඇණ හිටින තත්ත්වයකට පත්විය. මියන්මාරය ඇතුළත සිදුවෙමින් පවතින මෙම වෙනස්වීම් සමගම ජාත්‍යන්තර වශයෙන් හටගෙන ඇති උනන්දුව වැදගත්ය. අග්නිදිග ආසියානු කලාපයේ දේශපාලන ප‍්‍රවණතාව ගැන උනන්දුවන එක්සත් ජනපදය සිය රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් නිල සංචාරයක යෙදවූයේ විශේෂ අරමුණක් ඇතිවය. ප‍්‍රජාතන්ත‍්‍රීය නායිකා අවුන්සාන් සුකී හමුවීමෙන් පසු මියන්මාරයේ නව අගනුවර වන නේපියිඩෝ හිදී ජනාධිපති තීන් සින් සමග ඇය සාකච්ඡා කළාය. 1990 දී නවතා දැමූ රාජ්‍යතාන්ති‍්‍රක සම්බන්ධතා නැවත ඇරැඹීමට ජනාධිපති ඔබාමා පියවර ගනු ඇතැයිද පැවැසුවාය. ඒසඳහා ඇය ඉදිරිපත් කළ කොන්දේසි වූයේ සියලූ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, වාර්ගික ප‍්‍රදේශවල හමුදා මෙහෙයුම නතර කිරීම හා උතුරු කොරියාව සමග ඇති මිලිටරි සම්බන්ධතා අතහැර දැමීමය. ඇය ගේ සංචාරයෙන්  පසු මියන්මාරයට පැමිණි බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශ හා ජපන් ඇමැතිවරුන්ගේ ඉල්ලීම වූයේද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය පුළුල් කිරීමය. ඊට හිලවු වශයෙන් මියන්මාරයට එම රටවල් සමග ආර්ථික හා වෙළෙඳ සබඳතා තර කර ගැනීමට අවස්ථාවක් හිමිවන අතර එම රටවල ආයෝජකයින් මියන්මාරයේ ආයෝජනය කිරීමටද සූදානම් බව ප‍්‍රකාශ විය. දැනට චීන හා තායි සමාගම්වලට සීමාවී ඇති ආයෝජන අවස්ථා වඩාත් පුළුල්වීම නිසා ආර්ථික වර්ධනය හා උග‍්‍රවී ඇති විරැකියාවට විසඳුම් ලබා ගැනීමට හැකිවන බවද අවධාරණය කෙරේ. මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් තහවුරුවීම හා ආර්ථිකයේ වර්ධන වේගය ඉහළ යෑම අගය කළ යුතු වුවද ඒ සමගම එරට විදේශ බලවතුන්ගේ බල අරගලයට තෝතැන්නක් වීමේ අනතුරද බැහැර කළ නොහැක. එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් මියන්මාරයේ ආයෝජන අවස්ථා ගැන මෙන්ම එහි දැනට පවතින චීන බලපෑම දුර්වල කිරීමටද උනන්දුවන බව පැහැදිලිය. චීනය දැනටමත් මියන්මාරයේ තෙල් කර්මාන්තයේ විශාල වශයෙන් ආයෝජනය කර ඇත. ඊට අමතරව මියන්මාරයේ සිට චීනයේ යුනාන් ප‍්‍රදේශය දක්වා දිවෙන තෙල් නල මාර්ගයක්ද ඉදිකරමින් සිටී. මලක්කා සමුද්‍ර සන්ධියට මායිම් වන මියන්මාරය චීනයට උපාය මාර්ගික වශයෙන්ද අතිශයෙන් වැදගත්ය. නව වෙනස්වීම් තුළින් මියන්මාරය සමග බටහිර රටවල් සම්බන්ධතා ගොඩනගා ගැනීමට උනන්දුවන්නේ චීනයට එම අවස්ථාව අහිමි කිරීමට බවත් පැහැදිලිය. වඩාත් වැදගත් වන්නේ මියන්මාරය සතු ස්වභාවික සම්පත් නිසි ලෙස කළමනාකරණයට හා දිගුකලක් තිස්සේ ඒකාධිපති පාලකයින්ගේ ග‍්‍රහණයට හසුව සිටි ජනතාවට මෙම වෙනස්කම් කෙබඳු ආකාරයට බලපාන්නේද යන්නයි. හමුදා පාලකයින් මෙවැනි පියවරගෙන ඇත්තේ අරාබිකරයේ මෙන් ජනතා නැගිටීම් වැළැක්වීමට පමණක් නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස නැවත වරක් සිහිනයක් වනු ඇත. 1988.89 වකවානුවේදී එවකට බුරුමය නමින් හැඳින්වූ මියන්මාරයේ හටගත් උද්ඝෝෂණ ව්‍යාපාරය මැඩ පැවැත්වූයේ 1990 මහජන ඡන්දයක් පැවැත්වීමෙනි. එහෙත් ජනතාව බලය පැවරීමක් සිදු කළේ නැත. 2007 දී බෞද්ධ භික්ෂුන් වහන්සේ නිදහස පතා කළ අරගලය මැඩ පැවැත්වූයේ වඩාත් නග්න ප‍්‍රචණ්ඩත්වය යොදා ගැනීමෙනි. මෙවර ඇතිවිය හැකි මහජන නැගිටීම වැළැක්වීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස්කම් හඳුන්වා දෙන්නේ නම් එය සැබැවින්ම අගය කළ යුතු ප‍්‍රයත්නයකි. එසේ නොමැතිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකා අවුන්ග් සාන් සුකී ද හවුල් කරගන්නා ප්‍රෝඩාවක් වන්නේ නම් එය මහත් ඛේදවාචකයකි.

සටහන -මහින්ද හත්තක
මියන්මාර් ජනාධිපති තීන් සීන් අවුන්ග් සාන් සුකී තවත් දේශපාලන සිරකරුවකු නිදහස ලබා සුකීගේ ආධාරකරුවන් පිරිසක් මියන්මාරයේ විදේශ ඇමතිවරු



අදහස් (0)

මියන්මාරයේ වෙනස රැවටිල්ලක්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඉන්දීය සිංදු පාකිස්තානයේ තහනම්
2025 මැයි මස 02 1212 2

දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී


දිල්ලි අගනුවරට මහ වැසි
2025 මැයි මස 02 114 0

වැලි කුණාටු සහ මහ වැසිවලින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට බලපෑම් එල්ල විය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අයහපත් කාලගුණය හේතුවෙන්, ගුවන් ගමන් 120 ක් පමණ අත්හිටුව


ලොව වයස්ගතම පුද්ගලයා සමුගනී
2025 මැයි මස 02 2417 0

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි


ඊශ්‍රායලයේ ළැව් ගිනි අවසන්
2025 මැයි මස 02 57 0

මධ්‍යම ඊශ්‍රායලයේ පළාත් කීපයක හටගත් ළැව් ගිනි මේ වනවිට නිවා දැමීමට තමන්ට හැකිවුණු බව ඊශ්‍රායල ගිනි නිවන භටයෝ පවසති.


ඉරාන ඇමෙරිකා න්‍යෂ්ටික සාකච්ඡා නවතී
2025 මැයි මස 02 55 0

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඉරානයත් ඇමෙරිකාවත් අතරේ න්‍යෂ්ටික සාකච්ඡා සිවුවැනි වටය රෝමයේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද එය මේ වනවිට අවලංගු කර


ඉස්තාන්බුල් මැයි දින රැලියට පොලිස් ප්‍රහාරයක්
2025 මැයි මස 02 24 0

තුර්කියේ ඉස්තාන්බුල් නුවර, මැයි දින රැළියට පොලිසිය හරස් විය. දස දහස් ගණනක් තුර්කි වැසියන් මැයි දින රැලියට එක් වී සිටි අතර, ඔවුන් මර්දනයට පොලිස් නිලධාරී


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 489 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 129 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1148 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site