
තුර්කිය සහ සිරියාව කැලැඹූ භූමි කම්පාවලින් මියගිය ගණන 21,000 පසු කළේය. භූමි කම්පාවලින් වැඩිපුර හානි සිදුවූයේ තුර්කියටය.
තුර්කියේ මියගිය ගණන 18,000 ක් බව පැවැසෙයි. සිරියාවේ මියගිය ගණන වාර්තා වන්නේ 4,000 ක් ලෙසය.
විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ භූමි කම්පාවලින් මියගිය ගණන 35,000 ඉක්මවා යනු ඇති බවය. තුර්කිය මෙන්ම සිරියාව ද පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි.
එහෙයින්, භූමි කම්පා හට ගැනීමේ අවදානමක් පවතී. අවසන් වරට තුර්කිය මහා භූමි කම්පාවකින් කැලැඹී ගියේ 1939 දීය. එම භූමි කම්පාවෙන් මියගිය ගණන 33,000 පසු කළේය.
ප්‍රබල භූමි කම්පා දෙකකින් සහ අතුරු භූමි කම්පා 120 කින් තුර්කිය සහ සිරියාව කැලැඹුණේ පසුගිය 5 සහ 6 යන දෙදිනය. භූමි කම්පාවලින් දෙදෙරා ගොස් බිමට සමතලා වූ ගොඩනැගිලිවල සුන්බුන් අතරින් තුවාල ලැබූවන් සහ මළසිරුරු ඉවත්කිරීම දිනය පුරා පැවැත්විණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලත් පිස්සු කෙලිනවනේ... භූමිකම්පාව වෙලා තියෙන්නේ තුර්කියේ, මැරිලා ඉන්නේ ඉතාලියේ..