IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


මියගිය ගණන 21,000 ඉක්මවයි

තුර්කිය සහ සිරියාව කැලැඹූ භූමි කම්පාවලින් මියගිය ගණන 21,000 පසු කළේය. භූමි කම්පාවලින් වැඩිපුර හානි සිදුවූයේ තුර්කියටය.

තුර්කියේ මියගිය ගණන 18,000 ක් බව පැවැසෙයි. සිරියාවේ මියගිය ගණන වාර්තා වන්නේ 4,000 ක් ලෙසය.

විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ භූමි කම්පාවලින් මියගිය ගණන 35,000 ඉක්මවා යනු ඇති බවය. තුර්කිය මෙන්ම සිරියාව ද පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි.

එහෙයින්, භූමි කම්පා හට ගැනීමේ අවදානමක් පවතී. අවසන් වරට තුර්කිය මහා භූමි කම්පාවකින් කැලැඹී ගියේ 1939 දීය. එම භූමි කම්පාවෙන් මියගිය ගණන 33,000 පසු කළේය.

ප්‍රබල භූමි කම්පා දෙකකින් සහ අතුරු භූමි කම්පා  120 කින් තුර්කිය සහ සිරියාව කැලැඹුණේ පසුගිය 5 සහ 6 යන දෙදිනය. භූමි කම්පාවලින් දෙදෙරා ගොස් බිමට සමතලා වූ ගොඩනැගිලිවල සුන්බුන් අතරින් තුවාල ලැබූවන් සහ මළසිරුරු ඉවත්කිරීම දිනය පුරා පැවැත්විණි.

(රොයිටර්)



අදහස් (1)

මියගිය ගණන 21,000 ඉක්මවයි

kumara Friday, 10 February 2023 07:51 PM

ඔයාලත් පිස්සු කෙලිනව‍නේ... භූමිකම්පාව වෙලා තියෙන්නේ තුර්කියේ, මැරිලා ඉන්නේ ඉතාලියේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2130 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site