IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මැන්ඩෙලා නමින් පොකිරිස්සෙක්

නව සත්ත්ව විශේෂයක් දකුණු අප්‍රිකා හිටපු නායක නෙල්සන් මැන්ඩෙලාට ගෞරව පිණිස නම්කරන ලදැයි එම සත්ත්ව විශේෂය සොයාගත් ආචාර්ය උපාධි අපේක්ෂිකා දිවා අමෝන් මහත්මිය පවසයි.

‍මෙලෙස නම්කැර ඇත්තේ මුහුදේ ජීවත්වන කොට පොකිරිස්සෙකි. ඇය මේ සත්ත්වයා නම් කැර ඇත්තේ මුනිඩොප්සිස් මැන්ඩෙලායි යන නමිනි.

2013 වර්ෂයේ දී ඉන්දියන් සාගරයේ නිරිත දිග වැටිය යනුවෙන් හදුන්වන ප්‍රදේශයේ දී මතුපිට සිටි මීටර 750ක් ගැඹුරකින් මේ සත්ත්වයා සොයාගත් බව ඇය පවසයි. මිලි මීටර හතක් පමණ උඩු කබොල්ලක් සහිත ‍කොට පොකිරිස්සා දිග වලිගයක් ද සහිත සත්ත්වයෙකි. පොකිරිස්සකුට වඩා කකුළුවකුට සමාන රූපකායක් ඇති මේ සත්ත්වයා මුහුදු පත්ලේ ද මුහුදු මතුපිට ද ජීවත්වීමට හැකි සත්ත්වයෙක් බව අමෝන් මහත්මිය පවසයි.

දැනට ලෝකයේ පොකිරිස්සන් විශේෂ 900ක් පමණ වාර්තා වී ඇත. ඔවුන් විවිධ ආකාරයේ ආහාරවලට පුරුදුව සිටියි. ඇතැම් විශේෂ මුහුදු ජලයේ පාවී යන ක්ෂුද්‍ර ශාක හා සත්ත්ව කොටස් හෙවත් ශාක ප්ලවාංග හා සත්ත්ව ප්ලවාංග සමග ජලය මුඛයට ගෙන ඒවා පෙරා ආහාරයට ගැනීම සිදුකරයි. ඔවුන් හදුන්වන්නේ පෙරා බුදින්නන් ලෙසිනි.  ඇතැම් විශේෂ ඛාදනය වී ගිය ගල් කැබලි ආහාරයට ගනිති.

මෙම නව විශේෂය අයත්වන මුනිඩොප්සිස් ඝනයේ සතුන් ගැඹුරු මුහුදේ වාසය කරයි. ගිලුණු නැව්වල ලි කැබලි, මුහුදට ගසාගෙන ගිය ගස් සහ දිරාගිය නැව් ක
දන් ආහාරයට ගැනීමට ඔවුහු අනුවර්ථනය වී ඇත.

සිය ආචාර්ය උපාධිය සදහා ගිලුණු නැව් සහ මුහුදු පත්ලේ ඇති තල්මස් ඇටකටු ගැන අධ්‍යයනය කරමින් සිටි අමොන් හට මේ කූණිස්සා හමුවී ඇත.

ඇය තමන්ට හමුවූ මේ සත්ත්වයා කෞතුකාගාරයේ පර්යේෂකයන් වන ස්පාඤ්ඤයේ සෙන්ට්රෝ ඩි ස්ටුඩියෝස් හි අචාර්යය එනරිකිව් මැක්පෙරිසන්සා වෙත යවන ලද්දේ එම සත්ත්වයා හදුනාගැනීමේ අපේක්ෂාවෙනි. ඇයට ලැබුණු පිළිතුර වූයේ මේ පොකිරිස්සා මෙතෙක් ලෝකයේ හදුනාගෙන නොමැති විශේෂයක් බවයි.

'' ඉන්දියන් සාගරයේ දී මේ සත්ත්වයා හමුවූ කොටස අපි කලින් අධ්‍යයනය කැර තිබුණේ නැහැ. මේ සොයා ගැනීම අනුව ඉතාමත් ම පපැහැදිලිය මහ සාගර පරිසරයේ අපි හදුනා නොගත් ජීවී විශේෂ අති විශාල ප්‍රමාණයක් සිටින බව. " යැයි ඇය කියන්නීය.

මේ නව සත්ත්ව විශේෂයට නෙල්සන් මැන්ඩෙලාගේ නම යෙදීම දකුණු අප්‍රිකානු නායකයාට මහත් ගෞරවයක් වනු ඇත.



අදහස් (0)

මැන්ඩෙලා නමින් පොකිරිස්සෙක්

ගාමිණී - සිරි Sunday, 12 January 2014 09:29 PM

දුක් , කම් කටොලු , රාශියකට මුහුණ දෙමින් ,ජීවිත කාලයම කැප කර රටත්,ජනතාවත් වෙනුවෙන් වසර ගණනාවක් සිරබත් කාලා ලෝකයේ 1 වෙනි කළු ජාතික ජනාධිපති වරයා වශයෙන් පිදුම් ලත් නෙල්සන් මැන්ඩෙලා ට ගෞව්රව කිරීමක් වශයෙන් පොකුරිස්සෙකු තෝරා ගැණීම එතුමාට ගෞව්රව කරනවාට වඩා අපකීර්තියට පත් කිරීමක් බව යන්න මගේ හැගීමයි.(නදී)

:       0       0

සත්‍යයා Monday, 13 January 2014 03:10 AM

නෙල්සන් මැන්ඩෙලා ඇත්තෙන්ම වීරයෙක්. එතුමා ලංකාවේ ත්‍රස්තවාදය සාධාරණී කරණය කරන්න ගත් උත්සාහය නිසා මට එතුමා ගැන තිබුන ගෞරවය මදකින් හෝ අඩු උනා. හරිනම් යෝධ තල්මසෙකු ටයි මේ නම දාන්න තබුනේ. දැන් කමක් නැහැ පුංචි පොකිරිස්සෙකුට ඒ නම දාපු එක. ප්‍රභාකරනුත් ජීවතුන් අතර නැහැනේ. (නදී)

:       0       0

සනත් Tuesday, 14 January 2014 08:51 AM

එතකොට සමහරු ආඩම්බරෙන් කියයි"මම මැන්ඩෙලා පොකිරිස්සෙක් කෑවා" කියලා. මරාගෙන කන සතෙකුට නැතුව මලක් වගෙ දෙයක් නම් කරන්නයි තිබුනෙ.... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 89 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site