
යුරෝපා රටවල පමණක් නොව ලොව පුරා අතිශය ජනප්‍රිය ‘මැන්ගෝ’ වෙළෙඳ සන්නාමයේ නිර්මාතෘ අයිසෙක් ඇන්ඩික් හදිසි අනතුරකින් මියගියේය. ‘මැන්ගෝ’ සන්නාමය යටතේ වෙළෙඳසැල් 2,800 කට වැඩි ගණනක් ලොව පුරා පිහිටුවා ඇත.
‘මැන්ගෝ’ සමාගම පිහිටුවා ඇත්තේ ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරය කේන්ද්‍රකොට ගනිමිනි. 71 හැවිරිදි ඇන්ඩික් සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනකු ද සමඟ කඳු තරණයක යෙදී සිටිද්දී සිදුවුණු අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
ස්පාඤ්ඤ පුරවැසියකු වන ඇන්ඩික්ට තුර්කි සම්භවයක් ඇත. ඔහු ‘මැන්ගෝ’ සමාගම ආරම්භ කළේ වැඩිමල් සොහොයුරා නහ්මාන් සමඟ එක් වී 1984 දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd