
මැයි මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර, අග්‍රාමාතක්‍ය නරේන්ද්‍ර මෝදි රජයේ අවසන් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් කියා සිටියේ 2047 වසර වෙද්දී, ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත් කිරීම මෝදි රජයේ අපේක්ෂාව බවය.
තරුණ තරුණියන්, කාන්තාවන් සහ ගොවීන් සම්බන්ධයෙන් මෝදි රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ද අයවැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරිය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
මැයි මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් ද, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයක් අපේක්ෂා කරයි. මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2014 වසරේ සිටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ මුල් ආර්ථික දහයෙන් එකක මුදල් ඇමැතිණිය. කොතරම් සරලද? අනික රනිල් වික්‍රමසිංහ මහතාට අනුව ලංකාව 2048 දී දියුණු ආර්ථික මට්ටමට ගෙනයන්න යෝජනා කළාම රටේ විපක්ෂය සමච්චලයට ලක්කළා... බලවත් ඉන්දියාව එම ඉලක්කයේම නේද ඉන්නේ? අපේ පාර්ලිමේන්තුවට ඉගෙන ගන්න කොතරම් දේ ඉන්දියාව අනුගමනය කරනවාද?