
සර්බියා මහ මැතිවරණයේ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරමින්, සර්බියා විපක්ෂ ක්‍රියාකාරීහු, එරට බෙල්ග්‍රේඞ් අගනුවර නගර සභා කාර්යාලයට පහර දෙමින් ඊට කඩා වැදුණාහ.
විපක්ෂ ක්‍රියාකාරීන් චෝදනා නගන්නේ මහ මැතිවරණය දූෂණ වංචාවලින් පිරුණු එකක් බවටය. විරෝධතා සංවිධානය කළේ ‘හරිත පෙරමුණ’ පක්ෂයේ මූලිකත්වයෙනි.
විපක්ෂ ක්‍රියාකාරීන්, නගරසභා කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නියැලෙද්දී, කැරැලි මර්දන පොලිසිය පැමිණ ඔවුන්ට පහර දී ඇත. එයින් කෝපයට පත් පිරිස නගර සභා ගොඩනැගිල්ලට පහර දෙමින්, දේපොල හානි සිදු කරමින්, ඊට කඩා වැදුණු බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd